සටහන: සශිකලා මධුෂාණි
මැයි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාව සිය 51වන ප්‍රාන්තය වශයෙන් නම් කරමින් ඇමරිකානු ධජය සහිත සිතියමක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඔහු සිය ‘Truth Social’ ගිණුමේ මෙම සිතියම පළ කර තිබිණ.
ඊයේ(12)දිනයේදී Fox News සමඟ අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා සිටියේ, තෙල් සම්පත් වලින් පොහොසත් වෙනිසුවේලාව, අමෙරිකාවේ නව ප්‍රාන්තයක් බවට පත් කිරීම සලකා බලමින් සිටින බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වෙනිසුවේලාවේ අන්තර්වාර ජනාධිපතිනිය වන ඩෙල්සි රොඩ්‍රිගස් තම රට අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්වීම ප්‍රතික්ෂේප කරන බවත්, වෙනිසියුලානු ජනතාවගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය කිසිසේත් අතහැර නොදමන බවත් අවධාරණය කර තිබුණි.
එක්සත් ජනපද හමුදාව විසින් ජනවාරි 3 වන දින කැරකස් වෙත එල්ල කරන ලද හදිසි ප්‍රහාරයත් සමඟ අත්අඩංගුවට ගැනුණු වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් මේවන විට ඇමරිකානු අත්අඩංගුවේ පසුවන අතර මධුරෝ දූෂිත, නීති විරෝධී රජයක් මෙහෙයවූ බවත්, එය දශක ගණනාවක් තිස්සේ රජයේ බලය භාවිතා කර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට යොදා ගත් බවත් ඔහුට එරෙහිව පවතින චෝදනාවන්ය.

