තමිල්නාඩු මහ ඇමති විජේ ඔහුගේ දේශපාලන කටයුතු පිළිබඳ විශේෂ රාජකාරි නිලධාරියා වශයෙන් ජෝතිෂ්‍යවේදියකු පත්කරයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
තමිල්නාඩු මහ ඇමති විජේ විසින් සිය දේශපාලන කටයුතු පිළිබඳ විශේෂ රාජකාරි නිලධාරී (Officer on Special Duty – Political) හා දේශපාලන උපදේශක වශයෙන් ජෝතිෂ්‍ය ශාස්ත්‍රඥයෙකුවන රාධන් පණ්ඩිත් වෙට්‍රිවෙල්ව පත්කර තිබේ.

විජේට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබු ජෝතිෂ්‍ය ශාස්ත්‍රඥයා රාධන් පණ්ඩිත් වෙට්‍රිවෙල්ව වන අතර මැයි 4 වන දින ඡන්ද ගණන් කිරීමේදී, TVK අනපේක්ෂිත ලෙස ඉදිරියට පැමිණි විට, විජයගේ නිවසට පැමිණි පළමු පුද්ගලයා රාධන් පණ්ඩිත් බව කියවේ.

ඔහු ජෝතිෂ්‍ය ශාස්ත්‍රඥයෙකු සහ TVK(තමිලගා වෙට්‍රි කසාගම්-Tamilaga Vettri Kazhagam) හි ප්‍රකාශකයෙකු ලෙස ද්විත්ව භූමිකාවක් සඳහා ප්‍රසිද්ධ පණ්ඩිත්, මෑත මැතිවරණ ව්‍යාපාරයේදී නායකත්වයට සමීප සහායකයෙකු වී ඇති අතර මෙම නව පත්කිරීමත් සමඟ මිත්‍ර පාක්ෂික කොංග්‍රසයේ නායකයින් අතර විවේචන මතුවී ඇත.

මේ සම්බන්ධයෙන් මධ්‍යම කමිටු සාමාජික ෂන්මුගම් පී විසින් පළ කරන ලද සටහනක සඳහන් වුයේ එවැනි පුද්ගලයෙකු රජයේ වියදමින් නිලධාරියෙකු ලෙස පත් කිරීම ජනතාව අතර ජ්‍යෝතිඃ ශාස්ත්‍රය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට පමණක් උපකාරී වනු ඇති බවත්, රජය විසින් මෙම පත්වීම පිළිගත නොහැකි බවත්, ඔහු දේශපාලන උපදෙස් ලබා දෙනු ඇතැයි ද පිළිගත නොහැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...