දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණවල ප්‍රගතිය සොයා බැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය ජුලි 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බව පැවසේ.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ අද(14) කැදවනු ලැබ ඇති අතර, සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන් බව සඳහන් වේ.

දැනට පොලීසිය භාරයේ ඇති ජංගම දුරකතනවල මියගිය තැනැත්තාගේ බිරිද හා දරුවන්ගේ ඡායාරූප වැනි පෞද්ගලික තොරතුරු ඇති බවත් ඒවා තමන් වෙත ලබා ගැනීමට අවකාශ ලබාදෙන ලෙසටත් නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් ඉල්ලා සිට ඇති අතර, මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන් ද කරුණු විමසා ඇත. එම දුරකතනවලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලබාගැනීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු සළකා බලන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ බව වර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...

සැකකාර පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල මුදල් සංසරණයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...