අපි මෙච්චර බදු වැඩිකරන්න කිව්වේ නැහැ – IMF වෘත්තිකයින්ට කියයි

Date:

කොළඹ LNW:දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (13) පස්වරුවේ ශැංග්‍රිලා හෝටලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ක්‍රියාත්මක කරමින් තිබෙන බදු ප්‍රතිපත්තිය පිළිබද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ සාකච්ජා කළ බවත් ඉදිරියේදී තවත් සාකච්ජා වට කිහිපයක් පවත්වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සාමජිකයින් පැවසීය.

වැඩි කර තිබෙන බදු ප්‍රතිශතයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පුදුම වී තිබෙන අතර එවැනි වැඩිකිරීමක් ඔවුන් බලාපොරොත්තු වී නැති බවයි සාකච්ජාවේදී IMF නියෝජිතයින් සඳහන් කර ඇත්තේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් එසේ නොකොළොත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නොහැකිවන බව එම නියෝජිතයින් පැවසූ බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් මීළඟට අත්පත්කර ගන්නේ ග්‍රීන්ලන්තයද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...

කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...