කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්!

Date:

කොළඹ LNW: සිඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා පොලීසිය, යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව අද (14) දිනය පුරා විශේෂ මෙහෙයුමක් කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය තුළ සිදුකෙරෙනවා.

මිරිහාන මූලස්ථාන පොලීසිය,යුද හමුදාව,පිටකොටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කෝට්ටේ නගර සභාව,කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එක්ව එම වැඩසටහන සංවිධානය කර තිබෙන අතර ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් වැඩි වීමත් සමඟ,එය පාලනය කිරීමට නිවාස විශාල සංඛ්‍යාවක් එක්වර පරීක්ෂා කිරීම අද දින සිදු කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලීසියේ සහ යුධ හමුදාවේ නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන ආරම්භයට එක්ව සිටි අතර ආරම්භය මිරිහාන පෙලිස් ක්‍රීඩාංගණයෙන් සිදුකෙරුණා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...