*
Friday, April 26, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/14

  1. කොළඹ විශ්ව විද්‍යාලය තුළ පුද්ගලයන් 750 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් කැරළිකාර අන්දමින් හැසිරීමට සූදානමින් පසුවන බවට බුද්ධි අංශ විසින් ලැබුණු තොරතුරක් මත කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව තර කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි: මෙය සාවද්‍ය පදනමක් මත සිදුකළ ක්‍රියාවක් වන අතර, ඒ පිළිබඳව නිර්මාණය කළ පුවතක් (planted news) රජයට හිතැති මාධ්‍ය විසින් ප්‍රචාරණය කළ බවත්, එය වඩාත් විශාල කූට සැලැස්මක කොටසක් ලෙස ක්‍රියාත්මක කළ බවත් සමාජ ක්‍රියාකරුවහු චෝදනා කරති.
  2. තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි; සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,853: ගතවූ පැය 48 තුළ වාර්තා වූ නව ආසාදන සංඛ්‍යාව 10 බව සඳහන්.
  3. මෙම වසරේ අප්‍රේල් මස රටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 454 බව මහ බැංකුව පවසයි: 2023 වසරේ පළමු කාර්තුව තුළ ලැබුණු සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 1,867.2 බව ද පවසයි.
  4. කි.ග්‍රෑ 50 ක සිමෙන්ති කොට්ටයක මිල රු. 150කින් අඩු කළ බව තොග සිමෙන්ති වෙළෙන්දෝ පවසති: නව සිමෙන්ති මිල රු. 2,750 සිට රු. 2,600 දක්වා පහළට.
  5. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, තමාගේ ක්‍රියාකලාපය පිළිබඳව එම පක්ෂයේ පා.ම. දුමින්ද දිසානායක විසින් එල්ලකළ විවේචනයට ප්‍රතිචාර දක්වයි: දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පක්ෂය දුර්වල කිරීම සඳහා කුමන්ත්‍රණය කරන ලද ක්‍රමානුකූල ක්‍රියා පටිපාටියක කොටසක් බවත්, පක්ෂය ශක්තිමත් වන සෑම අවස්ථාවකම මේ හා සමාන ක්‍රියාකලාපයන් දක්නට ලැබුණු බව ද පවසයි.
  6. ත්‍රිවිධ හමුදාවට අයත් පුද්ගලයන් හත් දෙනෙකු ප්‍රංශයේ 2023 ලෝක හමුදා ට්‍රයැතලෝන් ශූරතාවලියට සහභාගී වෙමින් සිටියදී අතුරුදහන් ව ඇති බව වාර්තා වේ: මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණි 13 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමේ ප්‍රධානියා සතුව තිබූ සිය ගමන් බලපත්‍ර සොරකම් කළ හමුදා නිලධාරීන් සිව් දෙනෙකු, නාවික හමුදා භටයෙකු සහ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති අතර, එම කණ්ඩායම නැවතී සිටි නවාතැන්පොලෙන් පලා ගොස් ඇති බව සඳහන්.
  7. ශ්‍රී ලංකාවේ ශාකසාර පානයක් වන ‘සමහන්’ ඉන්දියාවේ ජනප්‍රිය වේ: ‘Who Wants To Be A Millionaire?’ නම් රියැලිටි වැඩසටහනේ හින්දි අනුවාදය වන ‘Kaun Banega Crorepati’ මෙහෙයවන බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී අමිතබ් බච්චන් විසින් එම වැඩසටහනට සහභාගී වූ පුද්ගලයකු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයෙන් පෙළෙන බව දැක ඈට සහාය වෙමින් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයට සුදුසුම පානය සමහන් බව පැවසීමත් සමඟ මෙම ජනප්‍රියත්වය ඇති විය.
  8. ප්‍රතිපත්ති සම්පාදනය කරන වේදිකාව තුළ තරුණ නියෝජනයට ඉඩ ලබා දීම ඇති වූයේ ජන අරගලයේ ප්‍රතිඵලයක් නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි: මීට පෙර ප්‍රතිපත්ති සම්පාදනය කිරීම තුළ තරුණ නියෝජනය නොපැවති බවත්, ප්‍රතිපත්ති සම්පාදනය තුළ තරුණ නියෝජනය පැවතීමට තමා සහාය පළ කරන බවත් පවසයි.
  9. ආගමික ආයතනවල සිදුවන ළමා අපයෝජනය වහා නතර කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කැපවූ එකමුතුවක් වන ළමා ආරක්ෂණ සන්ධානය ක්‍රියාකරුවන්, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශවයන් 45 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත යොමුකරයි: 2020 ජූලි සිට 2022 ජූලි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දරුවන් 17 දෙනෙකු ශාරීරිකව/ලිංගිකව අපයෝජනය කර ඝාතනයට ලක්කර ඇති බවත්, අදවන තුරුත් මේ සම්බන්ධයෙන් කිසිඳු සෑහීමකට පත්විය හැකි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් හෙළිදරව් කරයි.
  10. විදේශ අමාත්‍ය අලි සබ්රි ස්වීඩනයේ පැවති දෙවන යුරෝපා සංගමයේ – ඉන්දු පැසිෆික් අමාත්‍යවරුන්ගේ සංසදයේ පළමු වට මේස සාකච්ඡාවට සහභාගී වෙයි: සාමකාමී සහජීවනය අත්‍යාවශ්‍ය බවත්, සමෘද්ධිමත් ජාතියක් සහතික කිරීම සඳහා සාමය සියලු රටවල් කරා යා යුතු ඉලක්කයක් බව සංසදය තුළ ඒකමතිකවම පාහේ පිළිගන්නා බවත් පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan