අපි මෙච්චර බදු වැඩිකරන්න කිව්වේ නැහැ – IMF වෘත්තිකයින්ට කියයි

කොළඹ LNW:දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (13) පස්වරුවේ ශැංග්‍රිලා හෝටලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ක්‍රියාත්මක කරමින් තිබෙන බදු ප්‍රතිපත්තිය පිළිබද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ සාකච්ජා කළ බවත් ඉදිරියේදී තවත් සාකච්ජා වට කිහිපයක් පවත්වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සාමජිකයින් පැවසීය.

වැඩි කර තිබෙන බදු ප්‍රතිශතයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පුදුම වී තිබෙන අතර එවැනි වැඩිකිරීමක් ඔවුන් බලාපොරොත්තු වී නැති බවයි සාකච්ජාවේදී IMF නියෝජිතයින් සඳහන් කර ඇත්තේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් එසේ නොකොළොත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නොහැකිවන බව එම නියෝජිතයින් පැවසූ බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...