අරගලේ ගැන ඒකෙ එක පැයක් හිටපු නැති එවුන් පොත් ලියනවා.පොත් තරම් පෝස්ට් ලියනවා.
හුගක් අය නිර්පාක්ෂික කතාවක් දාලා තමන් කැමති පැත්ත අරගලයෙන් ඈත් කරලා තියන්න බලනවා.
අරගලය නිර්පාක්ෂික වෙන්නෙ ඒකෙ තිබුණ සර්ව පාක්ෂික නියෝජනය නිසා.ඒ මොහොතට අදාළව සිදුවිය යුතු වෙනස වෙනුවෙන් තමන්ගේ දේශපාලන පක්ෂය පැත්තකින් තියලයි හුඟක් මිනිස්සු අරගලයට ආවෙ.ඇවිල්ල පක්ෂය ගැන නෙමෙයි රට ගැනයි කතා කළේ.බහුතරයක් පක්ෂ උස්සන එක න්‍යාය පත්‍රයෙන් අයින් කරලා රට ඔසවන හැටි කතා කළා.එහෙමයි ඒකෙ නිර්පාක්ෂික අනන්‍යතාවය ඇති වුණේ.
ඒකට අවුරුදු 74 ක ශාපය,225 එපා කියන වගෙ අතාර්කික අදහස්, එක එක අය ගෙනාවෙ තමන්ගේ හෘද සාක්ෂිය ඇතුළෙ කැකෑරෙන දුක බේරගන්න.ගැලවෙන්න.ඒ වගෙම සැළසුම් සහගතව එහෙම දේවල් ව්‍යාප්ත කරන්න,ඇවිදින්න බැරි තරමට පන නැති කරන්නත් කට්ටිය හිටියා.
හැබැයි ඒ අරගලය අස්සෙ නිර්පාක්ෂික කියන්න ලියන “නි” යන්නට වඩා විශාල වටිනා “නි” යන්නක් පදනම හැටියට තිබුණා.ඒ නියන්නෙ තමයි අරගලයෙ ඉවසීම තිබුණෙ.සංයමය තිබුණෙ.ශික්ෂණය තිබුණෙ.ඒ නියන්නෙන් ලියවුණේ නිර්ප්‍රචණ්ඩත්වය.
ගහද්දි ඇයි අපිට ගහන්නෙ.අපිට අපේ විරෝධයට ඉඩ දෙන්න කියන එක තමයි හමුදාවට පොලීසියට කිව්වෙ.මේකත් එක්ක අරගලය සම්බන්ධයෙන් ගොඩ නැඟෙන දේශපාලනික ආදරය ලංකාවෙ පවතින දේශපාලන සංදර්භය රත් කරා.එයාලට ඕනි වුණේ ඒක කඩල දාන්න.අරගලයට ගහන්න නෙමෙයි මිනිස්සුන්ගෙ හදවත පාරන්න සහ අවුස්සන කරපු ඒ දේශපාලන උප්පරවැට්ටියට ආදරණිය මිනිස්සු අහු වුණා.
දේශපාලන ව්‍යපාර වෙනත් සංවිධාන ඒවට සම්බන්ධ වුණානම් පස්සෙ ඒ සියල්ල වෙන්නෙ පක්ෂයක් වෙනුවෙන් පාරට නොබැහැපු මිනිස්සුන්ගෙ හදවතට පිහියෙන් ඇන්න වේදනාවට ඒ මිනිස්සු ප්‍රතිචාර දැක්වූවට පස්සෙයි.
යකඩ පොලු,පොලු මුගුරු අරගෙන ගහද්දිත්,පෙට්රල් දාලා ගිනි තියද්දිත් ඒ සංවිධානාත්මක ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඉදිරියෙත් අරගලයෙ අය කිව්වෙ ගහන්න එපා කියන එක.එහෙම නැත්නම් ප්‍රති උත්තර සපයන්න පිහි මුඟුරු අරගෙන අරගලයට ආපු අය එතැන හිටියනම් ගෝල්ෆේස් එක ලේ විලක් වෙනවා.එහෙම නොවුණු නිසා ආපු එව්වො අරගලයෙ ලේ හොල්ලලා ගියා.
හැබැයි ඒක අවුස්සලා එතැන නොහිටියත් ආදරය කරපු මිනිස්සුන්ගෙ පපු කැවුත්ත තුවාල වෙච්චි එකට කට්ටියට මඟදි හම්බවුණා.ඒ ප්‍රහාරයන් අරගලයෙ ලේබල් එක අලවලා ප්‍රති ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන්ම කරපු එකක්.ඒක නිසා ජීවිත හානි ප්‍රමාණය,දේපළ හානි ප්‍රමාණය කොච්චරද කියන එක වැදගත් වුණේ නැහැ.
මැරෙන ගණන් ගැන හිතලා බලය අල්ලන්න තීරණ ගන්නෙ නැති බව පාස්කු ප්‍රහාරයම සාක්කි සපයද්දි වැඩේ සැළසුම් කරපු අය,තමන්ගේ අසූචි වුව වළදන අයව ඉස්සරහට දාලා ආරක්ෂිතව හැංගිලා හිටියා.පාර්ලිමේන්තුවෙන් රක්ෂණයෙන් තමන්ගේ අලාභය අරගෙන හිටියට වැඩිය හොඳට ගේ දොර හදා ගත්තා.
ගුටිකාපු,බේරෙ නාපු අයවත් සීනි ටිකක්,හාල් ටිකක්,කෑම බීම එක්ක දාහෙ කොළ දෙක තුනක් දීලා සනසන්න ඇති.එහෙම දුන්නම තව දහපාරක් මේ වගෙ ගොබ්බ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් බව දන්න නිසයි ඒ ටික දෙන්නෙ.එහෙව් රටක පාලකය නිරූපණය කරන්නෙ ජනතාවගෙ මුග්ධකම සහ අශිලාචාරකමයි.දේශපාලකයාට එවැනි හැසිරීම් සඳහා විසිල්,අත් පොළසන්,සහ ඡන්ද දෙන්න සූදානම් උන් තව දහපාරක් බේරේ බැස්සත් ඒ ආරේ ගතිනම් නොයවනු ඇත.
නිශ්මං රණසිංහගේ මුහුණු පොතෙනි