මාලිමාවේ අභයන්තර අර්බුදය

Date:

“ජවිපෙ සැබෑ ද්‍රෝහීන් හදුනා ගනිමු” ලිපියෙන් රටේ රාළ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් පක්ෂ ක්‍රියාකාරින්ට කරපු සාකච්ඡාවක විස්තර කිව්වා. ටිල්වින්ට අනුව දැන් මාලිමාව කොටස් තුනකට බෙදිලා.මාලිමාවේ කණ්ඩායම ඉන්නවා.නිහාල් අබේසිංහලා ඇතුළු ආචාර්ය මහාචාර්ය සෙට් එකේ ඉදන් පහලට පලාත් පාලන මැතිවරණයේ අපේක්ෂකත්වය ගන්න ආපු පොහොට්ටුවේ සෙට් එක සහ රැල්ලට ආපු අය ඒ කණ්ඩායමට අයිතියි.

ඊළඟට ජවිපෙ දැන් ඉන්න සෙට් එක.ඒ කියන්නේ කිසිම දේශපාලන විග්‍රහයක් නැති නයකයෝ කියන දේ කටපාඩමින් කියන ගිරා පොතක සෙට් එක.ඊට අමතරව දැන් ජවිපෙ සහ මාලිමාවේ සෙට් එකට විරුද්ධ පරණ ජවිපෙ සෙට් එක.ඒ කියන්නේ විමල් සහ පෙරටුගාමින් වෙන් උනාට පස්සේ ජවිපෙත් එක්ක ඉතිරිවුන අපේ පරපුරේ සෙට් එක.ඇත්තටම ඒ කණ්ඩායමට දැනුමක් අවබෝධයක් තිබුණා.පක්ෂ අධ්‍යාපනයෙන් සන්නද්ධ උන පිරිසක් එතන හිටියා.

මේ කණ්ඩායම් තුන එකිනෙකට පරස්පර කණ්ඩායම් තුනක්.එක උදාහරණයකින් මේක පැහැදිලි කර ගත්තොත් මාලිමාවේ සෙට් එක කියන්නේ අපි අලුත් වැඩපිලිවෙලක් හදාගෙන යනවා කියලා.නිහාල් අබේසිංහගේ පුතා නැත්තං මාලිමාවේ අනාගත ඔටුන්න හිමි කුමාරයා යන හැම සංවාදයකදීම කියන්නේ අපි වැඩපිලිවෙලක් හදාගෙන යනවා කියලා.එයාලා මාලිමාව 2019 හදපු වැඩපිලිවෙල පිලිගන්නේ නෑ.එයාලා ඉන්නේ සම්පුණයෙන්ම ලිබරල් වැඩපිලිවෙලක.ඒ කියන්නේ රනිල් ගෙනියන වැඩපිලිවෙලම ඉස්සලහට ගෙනියන්න ඕනි කියන තැනක.ඒ මතයත් එක්ක තමයි අනුරත් ඉන්නේ.

කොහොම උනත් තවම වැඩපිලිවෙල හදලා නැති හින්ද එයාලටත් හරියට කියාගන්න වැඩපිලිවෙලක් නෑ.දැනට කරන්නේ රනිල්ගේ එකේ කෑලි කියවමින් ඉන්න එකයි.ඒකයි මෙයාලා සජබ ආර්ථික කවුන්සිලයත් එක්ක විවාදයකට යන්න බය.ඊළඟට දැන් ඉන්න ජවිපෙ කණ්ඩායම ගත්තොත් එයාලා සමාජවාදයෙන් අයින්වෙලා. ආර්ථිකයේ වෙනස් තැන් පිලිගනිමින් යන ප්‍රතිපත්තියක් ගැන කතාකරමින් ඉන්නවා.

ඒ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා තවම ටිල්වින්වත් දන්නේ නෑ.දැන් තියන ජවිපෙට ප්‍රතිපත්තියක් හදන්න පුළුවන් වෙයි කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.මාලිමාව ඇතුලේ ඊළඟට ඉන්න කණ්ඩායම කියලා ටිල්වින් හදුන්වන්නේ දැන් තියන ජවිපෙට විරුද්ධ පැරණි ජවිපෙ කණ්ඩායම.හැබැයි එයාලට ප්‍රතිපත්තියක් සහ වැඩපිලිවෙලක් තියනවා.ඒ තමයි සමාජවාදය. මාක්ස් – ලෙනින්වාදය මත පදනම් වෙච්චි දර්නශනයක් එයාලගේ ඇඟට කවලා තියෙන්නේ.

එයා තවමත් රුසියාවට,කියුබාවට,චීනයට, වියට්නාමයට ආදරය කරන අය.විජේවීර අමතරව එයාලගේ හිතේ ඉන්නේ මාක්ස්,ලෙනින්,එංගල්ස්, පිදෙල්,චේ,මාවෝ,හෝචිමින් වගේ සමාජවාදී නායකයෝ.මොකද ජවිතේ වැඩි කාලයක් එයාලගේ අධ්‍යාත්මය ඇතුලේ හිටියේ ඒ නායකයෝ.එයාලගේ අධ්‍යාත්මයට ඒ මිනිස්සු සමීප කළේ ජවිපෙම තමයි.හැබැයි දැන් ජවිපෙ කිසිම හේතුවක් එයාලට කියන්නේ නැතිව එයාලගේ හිතේ ඉන්න ආධ්‍යාත්මික නායකයෝ පැත්තකින් තියලා.

ගොඩක් අය නැව නැවත ඝාතනය කරලා. ඇත්තටම එයාලා බලාපොරොත්තු වෙන්නේ වාමවාදී පදනමක ඉඳන් ලෝකය දකින්න,වමේ පදනමකින් ලෝකය විග්‍රහ කරගන්න සහ ලෝකය වෙනස් කරන්න.වමේ ඒ මතවාදය සංවර්ධන නොකර ජවිපෙ නායකයන් කට්ටියක් රනිල්ගේ ලිබරල් කලිසම ඇඳගෙන,තව කට්ටියක් හරිනිගේ ලිබරල් බ්ලව්ස් එක ඇදගෙන.

එයාලා ඇඳුම් ඉල්ලගෙන අඳිනවා වගේ දේශපාලන ප්‍රතිපත්තිත් අනුන්ගෙන් ඉල්ලගෙන තමයි ඇඳගෙන ඉන්නේ.දේශපාලන වශයෙන් හිතුවොත් රනිල්ගේ ලිබරල් කලිසම ඇදගෙන ඉන්න අයගේ උඩුකය නිරුවත්.හරිනිගේ ලිබරල් බ්ලව්ස් එක ඇඳගෙන ඉන්න අයගේ යටිකය නිරුවත්.රටේ රාළ අහන්නේ රතු කිට් එක ගහගෙන ඉන්න පිරිසකටයි,යටට විතරක් ඇඳගෙන ඉන්න පිරිසකටයි, උඩට විතරක් ඇදගෙන ඉන්න පිරිසකටයි පුළුවන්ද එක ගමනක් යන්න.

එහෙම පිරිසකට පුළුවන්ද එක වැඩපිලිවෙලක් හදන්න.ඒක නිසා කවදාවත් මාලිමාවෙන් රට හදන විද්‍යාත්මක වැඩපිලිවෙලක් එළියට එන්නේ නෑ.අන්තිමට ජනාධිපතිවරණය ඉළක්ක කරලා බොරු තොරොම්බල් ලියව්ල්ලක් දායි.ඊට වැඩිය දෙයක් මාලිමාවට කරන්න බෑ.ඒක නිසා එෛතිහාසිකව වැරදි දේශපාලන පියවරක් තියලා,ජවිපෙ හතර දෙනාගේ කල්ලිය කරපු විනාශයේ ප්‍රතිපල දැන් එන්න පටන් අරගෙන.

ටිල්වින් නං මනසින් වැරද්ද පිලි අරන් ජවිපෙ සාමාජිකයන්ට සමගියෙන් යං කියලා ආයාචනා කරන්න පටන් අරන්.හැබැයි ඒක කවදාත් වෙන්නේ නෑ.නිරවුල් උත්තරයක් හදන්නේ නැතිව මේ කණ්ඩායම් තුනට එකට යන්න බෑ.දැන් නිකං හිතන්නකෝ හෙට අනිද්දා පටන් ගන්න කැන්වසින් එකේදී ගෙන් ගෙට ගිහින් මොකද්ද මෙයාලට කියන්න තියෙන්නේ.කියන්න තියෙන්නේ බොරු. 

ඇත්ත කියනවා නං අපට වැඩපිලිවෙයක් නෑ කියලා කියන්න ඕනි.අපි කණ්ඩායම් තුනකට කැඩිලා කියලා කියන්න ඕනි.ඇත්ත කියනවා නම් එහෙම නැතිව වෙන මොනවා කියන්නද?වැඩපිලිවෙලක් හදන්න නෙවෙයි පවතින තත්වය ගැන කතා කරන්න මාලිමාවේ උගත්තු ටිකයි, ජවිපෙ විප්ලවවාදීන් ටිකයි ළඟදී හම්බ වෙලා තිබුණා.වැඩපිලිවෙල හදන්න නෙවෙයි ස්ටේජ් එකේ කරන කතා සම්බන්ධවවත් එකඟතාවයක් හදා ගන්නවත් බැරිව සභාව තමෝ විසිරිලා ගියා කියලා තමයි ආරංචි.

හරි එහෙනම් ගිහින් එන්නම්,

ජයවේවා..!

මිට, 

රටේ රාළ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...