ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්ලෝවැක් අගමැති රොබට් ෆිකෝ වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අගමැතිවරයා හැන්ඩ්ලෝවා නගරයේ සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිරිපිට රැස්ව සිටි පිරිසට ආචාර කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහුට වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අගමැතිවරයාට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ස්ලෝවැකියාවේ නික්ම යන ජනාධිපති Zuzana Caputova කියා සිටියේ, අග්‍රාමාත්‍යවරයාට එල්ල වූ “ම්ලේච්ඡ හා නිර්දය” ප්‍රහාරයෙන් තමා කම්පනයට පත් වූ බවත්, ඔහුට සුවය ලැබීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත්ය.

පසුගිය සැප්තැම්බරයේ පැවති මැතිවරණයෙන් පසු ෆිකෝ මහතා නැවත ස්ලෝවැකියාවේ බලයට පත් වූයේ ජනතාවාදී-ජාතිකවාදී සභාගයක ප්‍රධානත්වයෙනි. අගමැති ලෙස ඔහුගේ පළමු මාස ​​කිහිපය දේශපාලනික වශයෙන් බෙහෙවින් විවාදාත්මක විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...