ජාතික සම්පත් විකිණීම නවතනු – කොටුවට මහ සෙනගක්!

කොළඹ LNW:ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙසත් ටෙලිකොම්, රක්ෂණ, මිල්කෝ, ආයතන ඇතුළු ජාතික සම්පත් විකිණීම නවතන ලෙසත් බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් අද(15) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මේ සඳහා වෘත්තීය සමිති,සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන රැසක් සහභාගි වූ අතර කේ.ඩී.ලාල්කාන්ත,මහින්ද ජයසිංහ,රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව මාළිගාකන්ද අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එම නියෝගයේ දැක්වුණේ විරෝධතාකරුවන් ඩීන්ස් පාර, ටී බී ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවයි.

කෙසේවෙතත් එම විරෝධය කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති අතර ඊට විශාල පිරිසකගේ සහභාගීත්වයක් දක්නට ලැබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න 

සියලුම ඡායාරූප නරඹන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...