දේශබන්දු සහ ටිරාන්ට පරීක්ෂණයක්: හරක් කටාගේ ප්‍රකාශය ගැන ආරක්ෂක අංශවල දැඩි අවදානය!

Date:

රෂිකා හෙන්නායක මැයි 15, කොළඹ LNW :

ඊයේ (14) දිනයේදී, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ ඔහු සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ ආරක්ෂක අංශවල දැඩි අවදානය යොමුව තිබෙන අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින්, වැඩ ආවරණය කරන පොලිස්පති ලලිත් පතිනායක මහතාට නියෝග කර ඇත්තේ අදාළ ප්‍රකාශය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.       

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඊයේ (14) දිනයේ අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ, මාධ්‍ය වෙත ව්චන කිහිපයක් මුදාහරිණු ලැබීය.

මේ වනවිට තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තාට පවතින රෝග තත්ත්ව පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරික්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි කොළඹ මහාධිකරණය ඊයේ නියම කළේ.  එහිදී විත්තිකාර හරක් කටා විත්ති කුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් තමා කලක පටන් අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බව කියා සිට ඇත.

තමා හමුවීමට වෛද්‍යවරයෙකු පැමිණිය ද ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව බවත් වෛද්‍ය නිර්දේශ අනුව නොවන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. ඒ අනුව තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.මෙම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා, යම් පුද්ගලයකුට රෝගී තත්ත්වයක් පවතින විට එහි වේදනාව දැනෙන්නේ ඔහුට පමණක් බව කියා සිට ඇති අතර,  ඒ අනුව විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා. ඉන් අනතුරුව නඩුව ලබන 28 වනදා කැඳවීමට නියම විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී හරක් කටා නමැති විත්තිකරු පලායාමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 22ක් යටතේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර ඇත.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...