මැයි 18 ත්‍රස්ත ප්‍රහාරයක් ! හින්දු පුවත්පතේ අනාවරණය ගැන විමසිල්ලෙන් !

Date:

මැයි මස 18 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත අනාවරණය කර තිබිණි. ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් හින්දු පුවත්පත මෙම අනාවරණය සිදු කළේය.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්දීය බුද්ධි අංශ මගින් මේ පිළිබඳව කරුණු විමසා ඇති බවයි. ප්‍රහාරය පිළිබඳ පුවත සාමාන්‍ය තොරතුරක් බව ඉන්දීය බුද්ධි අංශ දන්වා ඇති අතර කෙසේ නමුත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවද ඔවුන් මෙරට බළධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වෙත ලැබෙන කුමන හෝ තොරතුරක් පිළිබඳව නිසි විමර්ශන සිදුකර ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බවයි. මැයි 18 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට හින්දු පුවත්පත සිදු කරන අනාවරණය සම්බන්ධයෙන්ද විමසිල්ලෙන් පසුවන බවත් විමර්ශන සිදු කරන බවත් අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්‍රම්ගෙන් හෝ වික්‍රමයක් කළ හැකිද? ශ්‍රී ලංකාවේ පිතිකරණ අසනීපය සනීප කරන්න සංගාගේ සහයකයෙක්

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ...

බදුලු දිස්ත්‍රික්කයේ සියළු පාසල් වසයි!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අද (09) පෙ.ව.11...

සමුගෙන යන ලංකාවේ හිතවතා – කල්මාඩි

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: සුරේෂ කල්මාඩි දිවි සැරිය...

අද (09) දවසේ මිලිමීටර් 100 ට වැඩි තද වැසි සහ ඉතා තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක...