සිංහල පරිවර්තනය – පුලී
මැයි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකාවේ ආයුර්වේද කර්මාන්තය නිහඬ ඔරොත්තු දීමේ හැකියාවකින් යුත්තකි – සියවස් ගණනාවක සම්ප්‍රදායන් තුළ මුල් බැසගත් නමුත් අනුකූලතාව සහ නියාමනය පිළිබඳ නවීන ප්රමිතීන් වැඩි වැඩියෙන් වැළඳ ගන්නා අංශයක් කීවොත් නිවැරදිය.
දිවයින පුරා පවතින සමාගම් තම මෙහෙයුම් විධිමත් කිරීම, තම නිෂ්පාදන වගකීමෙන් යුතුව සංවර්ධනය කිරීම සහ නියාමන රාමුව මගින් නියම කර ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා මහා පරිමාණයෙන් ආයෝජනය කරමින් සිටී. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට එම කැපවීම නොපෙනෙන බිත්තියක් හරහා වටවී පෙනෙන ක්‍රියාවලියක්ම පමණකි.
ඉකුත් ජනවාරි මාසයේ සිට ආයුර්වේද දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ ක්‍රියාකාරී නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ කමිටුවක් නොමැතිවය.
නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ අයදුම්පත් සමාලෝචනය කිරීම සහ අනුමත කිරීම මෙම කමිටුවේ පූර්ණ වගකීමකි. මේ හේතුවෙන් මේ වනවිට අත්වන ප්‍රතිවිපාක ක්ෂණික හා දුරදිග යන ඒවා වී ඇත.
මේවා සංකීර්ණ ලියකියවිලි දැඩි ප්රමිතීන් සපුරා ඇති සහ ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වන බවට විශ්වාස කරමින් සද්භාවයෙන් තම අයදුම්පත් ඉදිරිපත් කර ඇති සමාගම් වේ. දැන් ඒ විශ්වාසය රකින්නේ කවුරුන්ද? යන පැනයට පිළිතුරු අවශ්‍යමය!
මෙම ඇණහිටීම් මඟින් නිෂ්පාදන දියත් කිරීම් ප්‍රමාද වේ. ව්‍යාපාර සැලසුම් කල් දමනු ලැබේ. අනුමැතිය අපේක්ෂාවෙන් කරන ලද ආයෝජන නිෂ්ක්රීයව පවනු ලැබේ. විශේෂයෙන් කුඩා ව්‍යවසායන් සඳහා, විසඳුමක් නොමැතිව ගෙවී යන සෑම මාසයක්ම ඔවුනට පීඩනයක් එක් කරයි.
නියාමන රාමුවක් ශක්තිමත් වන්නේ එය ආරක්ෂා කරන ආයතන ඔස්සේය. එම ආයතනවලට ඔවුන්ගේ මූලික කාර්යයන් ඉටු කිරීමට නොහැකි වූ විට, දේවල් නිසි ලෙස කිරීමට තෝරා ගත් අයවලුන්ට වැඩිම බරක් දැරීමට සිදු වනු ඇත.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ කමිටුව තවදුරටත් ප්‍රමාදයකින් තොරව නැවත ස්ථාපිත කළ යුතුමය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආයුර්වේද අංශය කෙරෙහි සේවය කරන ව්‍යාපාරවල කැපවීමට ගැලපෙන නියාමන පද්ධතියක් ලැබිය යුතුමය.

