පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබේ.
ඒ අනුව එම කොමිසම විසින් සිදුකර විමර්ශනකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද (09) පෙරවරු 09.30 ට එම කොමිසම වෙත පැමිණෙන ලෙසයි ඒ මහතාට දැනුම් දී ඇත්තේ.
මීටපෙර සිකුරාදා දිනයන්හි අල්ලස් කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන ඒකකවලට කැඳවනු ලැබූ දේශපාලනඥයින් බොහෝවිට අත්අඩංගුවට ගෙන, සවස් වරුවේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ද දක්නට ලැබී ඇත.


