රටේ ජන ජීවිත නංවන්න සහය දෙන්න – විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයින්ගෙන් ඉල්ලයි

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පිරිස හමුවූහ.

මේ වසර තුළ සිදුකිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර පවත්වන නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් සඳහා ඔවුන් ලංකාවට පැමිණ තිබේ.

රටේ උද්ගතව පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් විපක්ෂ නායකවරයා පැහැදිලි කළ අතර මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වන ලෙසද අදාළ නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම ආදායම් බදු ඉහල දමා තිබීම හේතුකොටගෙන රටේ ජනතාව දැරිය නොහැකි පීඩනයකින් සහ අසීරුතාවයකින් ජීවත්වන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටියේය.රටේ බහුතරයක් ජනතාව දරිද්‍රතාවයෙන් පීඩාවට ලක්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තද බරපතළ අවධානමක පවතින බව පැවසීය.මේ පීඩනකාරී සහ අසහනකාරී තත්ත්වයෙන් රටේ ජනතාව මුදවා ගැනීම උදෙසාත් රටේ ජනතාවට නැවත නැගී සිටීම උදෙසාත් අවශ්‍ය කරන සහයෝගය නොඅඩුව ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය පාලනය අවිධිමත්ව තිබෙන බවත් හොරකම සහ අවභාවිතාව ඉවත් කොට රටට ලැබෙන මුදල් විනිවිදභාවයකින් යෙදවීම උදෙසා ආණ්ඩුවට අවශ්‍ය උපදෙස් මෙන්ම බලපෑම ද සිදුකරන ලෙසත් එම නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ප්‍රධානීන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න මෙන්ම මහාචාර්ය ජී.ඇල් පීරිස්, නාලක ගොඩහේවා, නිරෝෂන් පෙරේරා, හර්ෂණ රාජකරුණා ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක් ද ඊට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...