මෙය රට පිලිබඳ ප්‍රශ්නයක් මිස, පක්ෂය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ…

Date:

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා
‘රටේ ආර්ථිකය යළි ගොඩනැඟීම වෙනුවෙන්’ ගෙන යන
වැඩපිලිවෙලට,
රට වෙනුවෙන්,
(පක්ෂයක් ලෙස)
එක්වන්නැයි
මම (මුලින්ම)
යෝජනා කළෙමි..

එසේ යෝජනා කළේ,
ස.ජ.බ නායක
සජිත් ප්‍රේමදාස
නරක මිනිසෙකු හෝ වංචනික නායකයකු
නිසා නොවේ..
(ඔහු,
අහිංසක
යහපත් මිනිසෙකි.)

පක්ෂය මාරුකොට,
ආණ්ඩු පක්ෂයට එක්වීමේ උවමනාවක්
මට තිබුනේ නැත..
ඇත්තේද නැත.

මම තවදුරටත්
පක්ෂය (ස.ජ.බ) වෙත කියාසිටින්නේ,
මේ මොහොතේ
රටේ දේශපාලන
අවශ්‍යතාවය තේරුම්ගෙන,
රටත් පක්ෂයත් දෙකම රැකගන්නා
‘දූරදර්ශී ක්‍රියාමාර්ග’
වෙතට යොමුවන ලෙසයි..

අවස්ථාවාදී දේශපාලනයට
අප ඉඩ තැබිය යුතු නැත..
එක රැයකින්,
සජිත් ප්‍රේමදාසට
සිංහල භාෂාවේ
සියලු වචනවලින්
පරිභව කිරීමට
මට හැකියාවක් නැත..

නිවැරදිව, උපක්‍රමශීලිව,
දුරදක්නා තීරණ ගෙන..
වචන හැසිරවීමේදි
සබුද්ධික විය හැකි නම්,
ඔහුගේ ඉදිරියේ
දිගු දේශපාලන ගමනක්
තිබේ..
තමන් වටා සිටින,
සෑම දෙයටම “yes sir” කියන
සුළුතරයෙන් මිදී,
බහුතර පාක්ෂිකයන්ගේ කැමැත්ත විමසා බලන්න..
ඒ බහුතර පාක්ෂිකයන් නිහඬව කියාසිටින්නේ,
අප සැම එක්ව
රට ඉදිරියට ගෙන යායුතු බවයි.

(අපගේ එක්වීම තුලින්,
වත්මන් රජයේ ඇතැම් ප්‍රජාතන්ත්‍ර විරෝධී/මර්ධනකාරී හැසිරීම් සහ තීන්දුද

ආපසු හැරවිය හැකි බව මාගේ විශ්වාසයයි)

පාර්ලිමේන්තු මන්ත්‍රී
වෛද්‍ය රාජිත සේනාරත්න

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...