*
Friday, May 3, 2024
spot_img

Latest Posts

දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පැන්නාද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නැමැති දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකු බව අල් ජසීරා රූපවාහිනිය වාර්තාමය වැඩසටහනක් ඔස්සේ අනාවරණය කර ඇති අතර ,ඌබට් ඒන්ජල් සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවාගේ සමීපතමයෙකු වන අතර ඔහු එරට රජයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ජාත්‍යාන්තර මට්ටමේ රන් ජාවාරම් සහ මුල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන ආකාරය අල් ජසීරා රූපවාහිනිය ගවේෂණාත්මකව වාර්තා කර තිබුණි.

තමා ශාස්තෘවරයෙකු ලෙස හඳුන්වාගන්නා ඌබට් ඒන්ජල් පසුගිය 2020 සහ 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර මෙම වර්ෂයේ මාර්තු 19 වැනිදා කටුනායක මිරකල් ඩෝම් ශාලාවේදි ඒකාබද්ධ මෙහෙයක් පවත්වා ඇත්තේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සමගින් වන බවත් , මෙවන් පසුබිමක සර්ව පාක්ෂික අරගලකරුවන් සංවිධානයද අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජෙරම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එය රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් අතර , අදාළ ප්‍රකාශය තුළින් බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ෂව වලින් චෝදනා එල්ල වුණි.

ඒ අනුව නව භික්ෂු පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිල්ලක්ද ගොනු කළ අතර ,  දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකොට තමාට වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නියෝග කළේය. මෙවන් පසුබිමක මෙරට රෝමානු කතෝලික සභාව අද කොළඹ අගරදගුරු මැදුරේදී මෙම දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරීමට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

මේ අතර තවත් පාර්ශව කිහිපයක් ම අද ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ප්‍රකාශයට සිය විරෝධය පළ කළ අතර ,  පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද අනාවරණ කළේ සියලු ආගම් නියෝජනය කෙරෙන පූජක පක්ෂය එක්ව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සූදානමින් සිටින බවය.

එසේම දේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනෙන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරන අතර ,එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහු පසුගිය 14 වනදා සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ දිවයිනෙන් පිටව ගොස් ඇති බවත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan