ඩයනාගේ වාහන වලට මොකද වුණේ?

සටහන – රෂිකා හෙන්නායක

මැයි 17, කොළඹ (LNW): සංචාරක අමාත්‍යාංශය මගින්, හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ භාවිතා කරන අමාත්‍යංශය සතු වාහන හතරක් වහාම භාර දෙන ලෙස දැනුම් දී ඇතත් ඊයේ (16) වනතුරුත් එය භාරදී නොමැති බව පැවසේ.

පසුගිය අටවෙනිදා මෙම වාහන හතර අමාත්‍යංශය වෙත භාර දෙන ලෙසට දැනුම් දී ඇතත් එය සිදු වී නොඇති බව වාර්තා වේ,

ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක්, ඩබල් කැබ් රථයක්, ප්‍රාඩෝ ජීප් රථයක් හා නිසාන් වර්ගයේ කාර් රථයක් එම භාරනොදුන් වාහන අතර වන බව සඳහන් වේ. මේ අතරින් ඩබල් කැබ් රථය රිය අනතුරක් හේතුවෙන් කුරුණෑගල පොලිසියේ අත්අඩංගුවේ ඇති බව තොරතුරු අණාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...