ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව ප්‍රංශයේ යටත් විජිත කොටසක් ලෙස පවතින කැලිඩෝනියාවේ කෝලාහල තත්වයක් ඇතිවීම හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

19 වන ශතවර්ෂයේ දෙවන භාගයේ සිට ප්‍රංශය විසින් යටත් විජිතකරණය කරන ලද නව කැලිඩෝනියාවේ පසුගිය සඳුදා (13)දින සිට ඇරඹි විරෝධතාවයන් හේතුවෙන් මේ වන විට පස් දෙනෙකු මියගොස් 64 දෙනෙකු තවාල ලබා තවත් සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු කරමින් පවතියි. ආදිවාසී කනක් වැසියන්ගේ ඉහළ ජනගහනයක් සිටින නූමියා හි කම්කරු පන්තියේ ගොඩනැගිලි පුළුස්සා දමා ඇති අතර තත්වය පාලනය කිරීම වෙනුවෙන් නිව් කැලිඩෝනියාවේ ජනරජයේ මහ කොමසාරිස් ලුවී ලී ෆ්‍රෑන්ක් 1,700 සිට 2,700 දක්වා නව සෙබළුන් යොදවා තිබේ.

මේ වන විට මාර්ග පද්ධතීන් අවහිර කර තිබීම නිසා සමනය ජනතාව වෙත ප්‍රවේශවීම අසීරු වී ඇති අතර නිව් කැලිඩෝනියා රජය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දිවයිනේ මාස දෙකක ආහාර තොග ඇති අතර ගැටළුව බෙදා හැරීම වන බවයි. මේ වන විට කැලිඩෝනියාහි වාණිජ ගුවන් ගමන් සඳහා වසා දමා ඇති නිව් කැලිඩෝනියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ප්‍රධාන වරායන් ආරක්ෂා කිරීම සඳහා භට පිරිස් කැඳවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...