*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ලෝක ජල සමුළුව අමතන්න ජනාධිපති ඉන්දුනීසියාවට!

කොළඹ LNW:10 වැනි ලෝක ජල සමුළුවට සහභාගිවීම සඳහා ජනපති 18 වනදා ඉන්දුනීසියාව බලා පිටත් වීමට නියමිතයි.

ඒ අනුව ඉන්දුනීසියාවේ බාලි නගරයේදී පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට ජනාධිපතිවරයා සහභාගී වනු ඇති.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වන අතර 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා පැවැත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මේ අතර සිය දෙදින නිල සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප පළක් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වනු ඇති.

ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan