22වනදායින්  පසු රජයේ රෝහල් කටයුතු අඬාල වන ලකුණු!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 17, කොළඹ (LNW): ලබන 22වනදායින්  පසු රජයේ සියලුම රෝහල්වල ඒකාබද්ධ වැඩ වර්ජනයක් සිදුකර බව සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමය පවසයි. සිය ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස දැඩි වර්ජනයට යොමු වන බව ද පවසයි.

20වන දින ඌව පළාතේ සහ 21වන දින බස්නාහිර පළාත තුළද පළාත් මට්ටමෙන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතවන බව එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය අප්‍රේල් මස 03 වනදා පැවැත් වූ සාකච්ඡාවේදී ඇතිකල එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමේදී 15කට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණයක් ඉවත් කොට චක්‍රලේඛ නිකුත් කිරීම හේතුවෙන් ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, පසුගියදා එම වෘත්තීය ක්‍රියාමාර්ගය උතුරු මැද පළාතෙන්  ආරම්භ කළ බවද සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...