කොටහේනේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට

සටහන – රුවන් නෙළුගොල්ල

කොටහේන, සුමිත්‍රාරාම මාවත ප්‍රදේශයේදී ඊයේ (මැයි 16) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ, එය මග නවතා පාගමනින් නිවසකට පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

වෙඩිවැදීමෙන් නිවසේ සිටි කාන්තාවක් සහ පිරිමි අයෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.