ලංවිම යළිත් පාඩු ලබයි. විදුලි බිල 30% කින්වත් වැඩිවෙන ලකුණු ….

Date:

ලංකා විදුලි බල මණ්ඩලයේ මාර්තු කාර්තුවේ මූල්‍ය වාර්තාව නිකුත් වී තිබෙනවා.

මවිසින් පෙර අපේක්ෂා කළ පරිදිම මාර්තු කාර්තුව සඳහා පමණක් රුපියල් බිලියන 17 කට ආසන්න ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ පසුගිය අවුරුද්දේ එම කාර්තුවටම බිලියන 88 ක ශුද්ධ ලාභයක් වාර්තාකර ඇති පසුබිමකදී.

මෙයට මූලික හේතුව නව රජය පෙර මැතිවරණ වලදී පොරොන්දු වූ පරිදි පසුගිය පෙබරවාරි මාසයේ විදුලි ගාස්තු 30% පමණ අඩු කිරීමයි. ඒ නිසා ගිය අවුරුද්දට සාපේක්ෂව විදුලි බල මණ්ඩලයේ ආදායම් 45% කින් අඩු වී තිබෙන අතර විදුලි ජනනය සඳහා අවශ්‍ය මූලික වියදම් 2% කින් වැඩි වී තිබෙනවා.

බොහෝමයක් දෙනා මීට මූලික හේතුව වශයෙන් හිතන්නේ මෙම මාර්තු කාර්තුවෙ පැවති අඩු වැසි තත්ත්වය නිසා ගල් අඟුරු හා තෙල් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීමයි. එහෙත් මීට පෙර පැවති ඉහල වර්ෂාපතනයක් ලැබුණු දෙසැම්බර් කාර්තුවේදී පවා විදුලි බල මණ්ඩලයේ මෙහෙයුම් ලාභ විශාල වශයෙන් අඩු වී තිබුණා.

අනිවාර්යෙන්ම මේ මාසය අග වන විට සමස්ත විදුලි ගාස්තු 30% කින් වත් වැඩි කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති. මක්නිසාද යත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන විස්තීරණ ණය පහසුකමේ ඊලඟ වාරිකය ලබා ගැනීමට නම් විදුලි බල මණ්ඩලයේ වියදම ආවරණය වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීම (cost reflective pricing) අත්‍යවශ්‍ය කාරණයක් වීමයි. එය සිදු නොකළහොත් ඊළඟ වාරිකය ලබා නොදෙන බව දැනටමත් පවසා තිබෙනවා.

ලාංකීය හුදී ජනයා මෙතෙක් කල් සිතා සිටියේ විදුලි බල මණ්ඩලය මෙතරම් පාඩු ලබන්නේ ආණ්ඩුවේ සිටිනා හොරුන් නිසා බවයි.

තුන් සිතකින් වත් හොරකම් නොකරන වියදම් ඉතා අඩු කර තිබෙන ආදර්ශමත් මෙවැනි ආණ්ඩුවක් තිබෙන අවස්ථාවකදී පවා විදුලි බල මණ්ඩලය මෙතරම් පාඩු ලැබීමෙන්වත් එම හුදී ජනයාට යමක් වටහාගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ….

~ දිනුත් විජයපාල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...