*
Saturday, May 17, 2025
spot_img

Latest Posts

හරක් එක්කම ඉඳලා වෙන දේ …. – අතීත කතාව සහ වර්තමානය

මං ඉස්කෝලේ යන කාලේම ඉදං , අපේ අම්මා කොහෙද නැති ගොං වැස්සියෙකුයි, පැටව් දෙතුං දෙනෙකුයි ගෙනල්ලා හදන්ඩ ගත්තා. උං උං පැටව් දාලා මුං හතර පහ වුනා. පායන කාලෙටනං ලොකු අවුලක් නෑ.කොහේ හරි වෙල් යායකට, වැව් පිටියකට යවලා හවසට ගෙදෙට්ට දක්කං එනවා.

වැහි කාලෙට තමා මරු ආතල් එක. හේන් වැඩ කරලා, කුඹුරු වපුරලා..හරක් නිදහසේ යවන්ඩ බෑ. උදේ ඉස්කෝලේ පටං ගන්ඩ කලිං දිග කඹ දාලා පුලුපුලුවං තැංවල ගැට ගහලා එනවා. ඒ වුනාට උන්ට ඒ තනකොල මදි.

හවසට ගිහිං උං ගෙදෙට්ට එක්ක එන්ඩ හිතාන කඹය ලෙහපු ගමං උං අස්පයෝ දුවනවා වාගේ වතු පිටි, කැලෑවලට පැනලා වෙඩිලි වාගේ ඒට මේට දුවන්නේ ගාලට අරං ගිහිං ගැට ගහන්ඩ කලිං කොහේ හරි පැනලා බඩ පුරව ගන්ඩ හිතාන.

ඒකට ඒ සත්තුන්ට බැනලා වැඩක් නෑ..

ඒ වුනාට මුං රිංගන ඉඩම් කියන්නේ ජීවමාන අපායවල්.

ඒ කාලේ අපේ ගමේ වැසිකිලි කියලා ජාතියක් තිබ්බේ එහෙමත් ගෙදරක. ගෑනු පිරිමි භේදයක් නැතුව වැඩි හරියක් උං රීවේ උංගේ ගෙවත්ත පිටිපස්සේ තිබ්බ කැලේ. පායන කාලෙට ඕක දවසිං දෙකෙං බලු බෙට්ටක් ගානට වේලෙන හින්දා අව්ලක් නෑ. හැබැයි වහින කාලෙට ඒ ගූ ගොඩවල් පස්,වතුර,පනුවෝ එක්ක කලවං වෙලා තියෙන හැටි දැක්කම වමනේ යන එක නවත්ත ගන්ඩ බෑ. ඒ අස්සේ අර ගොං හරක් පන කඩාන දුවද්දී, උංගේ කරේ ගැට ගහපු ලනුව ( කඹේ) ගැට පිට ඇදෙන්නෙත් අර ගූ ගොඩවල් හූර ගෙන. හරකා කෝම හරි මෙල්ල කරන්ඩ නං අර දුවන හරකගේ කඹේ අල්ලං මොකක හරි පටල ගන්ඩම ඕනෑ. ඒ අල්ලන කඹේ ගූ තැටි තැටි.

මුං ඇති කලා කියලා අපිට හම්බුන අමුතු දේකුත් නෑ. පැටව්ට කිරි මදි වෙයි කියලා අපේ අම්මා අර වැස්සියොන්ගෙං කිරි ගන්නෙත් නෑ. වහු පැටව් මසට ඉල්ලං ආවාට එකෙක්වත් විකුනන්නෙවත් නෑ. උංට සුද්දා, පුල්ලියා, කලුවා, බන්ඩියා කිය කියා නං තියාන උං හුරතලේට ඇති කරනවා.

අපි ගෙදරිං ඒට මේට යන්ඩ ඇරලා , හරක් හොරු ඇවිදිං අපේ අම්මගේ බන්ඩියෝ ටික හොරෙං උස්සං යනවා.

ඊට පස්සේ දවස් දෙක තුනක් යනකල් අපේ අම්මා අර හොරෙං උස්සං ගිය බන්ඩියා ගැන හිත හිත නොකා නොබී වැලපෙනවා.

මං කැම්පස් ගියාට පස්සේ ඒ හරක්ගේ බර තනිකර කරට ගත්තේ අම්මා.

මාස 03 කට විතර සැරයක් විතර ගෙදර ආවම හෙන කොම්ප්ලේන්.

“උදේට මොනා හරි උයලා තියලා හරක් රෑනත් එක්ක යනවා..දවල්ටත් ඒකමයි, රෑටත් ඒ හීල් බත්මයි..”

ඒ මල්ලිලා දෙන්නගේ පැමිනිලි.

ඉස්කෝල වැඩත් කරලා, හවසට කුඹුරු වතුපිටිවල වැඩත් කරලා එන උං දෙන්නට කන්ඩ බොන්ඩ දෙන්ඩ වගේ වගක් නැතුව මුන්දෑ අල්ලන අඩව්ව නවත්තන්ඩ හිතාන මං හදිසියේ ගෙදර ආවා.

වත්තේ තියා ගේ ඇතුලෙවත් ඉන්ඩ බැරි තරමට ගොම ගද. හරක් පට්ටිය කර වටක් එරුනු ගොම ගාලේ පීනනවා. ගේ අස්පස් කරලා නෑ මාස දෙක තුනකිං. මං ආව ආරංචියට අම්මා දුවගෙන ගෙට එන්වා.., ගොමස්කඩයක් වගේ රෙද්දක් ඇදං.., මූන අත පය අව්වට කර වෙලා, සීරිලා, තුවාල වෙලා, කටු බෑලා ..හරියට ඇවිදින මල මිනියක් ගානයි.

ආව තැන ඉදං මොනාද මොනාද ඉව්වා මං ඒ එකක් දිහාවත් බැලුවේ නෑ..

” මේක තනිකර අපායක්නේ..ගොම ගද එහෙං, මැස්සෝ පිරිලා ගේ..මොන මගුලක්ද ඔය හරක් පට්ටියක් තියං කරන්නේ? විකුනන්ඩ දුකනං කාට හරි බලා ගන්ඩ හරි දෙන්ඩකෝ?”

” ලමයි වගේ මං මුං බලා ගත්තේ…ඕකුං හදා ගන්ඩ කියලා අරං ගිහිං මසට විකුනයි….”

අම්මාගේ ඇඩියාව පෙර සේම ය.

ඒ අස්සේ අපේ ආච්චී අම්මා ද ගෙදරට ආයේ මං ගෙදර ආ ආරංචියටය.

සාකච්චා සම්මන්ත්‍රන අවසානයේ ඇය කීවේ එක දෙයක් පමනි.

” මේකී හරක් එක්කම ඉදලා මේකිත් හරකියක් වෙලා.උඹලවත් කල්පනා කරලා කරන දෙයක් කරපල්ලා..”

ඒ කාලේ හැටියට අපේ සීයා ගමේ නාම මාංත්‍රික ජනාධිපති වුනාට , විධායක ජනාධිපති වුනේ ආච්චී ය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වුනු මම අම්මා ගෙදර නැති වෙලාවක් බලා , පොඩි මල්ලිත් එක්ක එකතු වෙලා හරක් පට්ටියම හදා වඩා ගැනීමේ දැඩි පදනම මත ගමෙං පිටස්තර කලෙමු.

පරන පුරුදු විදියටම දවස් දෙක තුනක් අඩපු අම්මාගේ ඇඩිල්ල නතර වුනි.

……………………………………………………..

දේශපාලන ප්‍රති විරෝධතා මොනවා තිබ්බත් , ජනාධිපති අනුර කුමාර දිසානායක යනු මෙතෙක් කල් ප්‍රතිපත්ති ගරුක නායකයෙක් ලෙස මා ආදරය කල හැබෑ සරල, සුන්දර මනුස්සයෙක් ය.

නමුත් රටේ ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු ඔහුට වූ අකරතැබ්බ ගැනද සානුකම්පිතව බලා සිටිමි.

01.ප්‍රාදේශීය සභා මැතිවරනයක් වැනි තර්ඩ් ක්ලාස් මැතිවරණය ක් කට උඩ තිබියදී, පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් ඇති නියම ජනාධිපති වරයෙක්නම් , ඒ සභාවල චන්ද ඩැහැ ගනු රිසියෙන් , එවැනි වේදිකාවලට නැග, අපිට දුන්නොත් මේමයි, නැත්තං මේමයි වගේ තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කරන්නේ නැත.

02.එවැනි චන්දයකින් තමන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල නොලැබුනු සැනින් , පුලුවන්නං එන්ඩ, එන එක වලක්කන නීති අපි දන්නවා!” වගේ ජඩ ජෝක් දමන්නේත් නැත.

ඒ නීති මොනවාදැයි කියා මං නං අසන්නේ නැත.

මතක් කර දිය යුතු එකම කාරනයනං අට පාස් නැති අපේ ආච්චී එදා කී කතාව පමනි.

“හරක් එක්ක ඉදලා ඔයත් හරකෙක් වෙන මට්ටමකට ඇවිත් තියෙන්නේ.. ඔවුං ටික පුලුවන්නං විකුනලා දාන්ඩ.. බැරිනං කාට හරි හදා ගන්ඩ දෙන්ඩ.!”

~ වසන්ත සිරි වටගොඩ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan