ඉන්දියාව ට්‍රම්ප්ට තිරුබදු රහිත වෙළඳ ගිවිසුමක් යෝජනා කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව වෙනුවෙන් 27%ක බදු පැනවීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව ශුන්‍ය තීරු බදු ගිවිසුමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් මස 9 වන දින, දින 90ක බදු සහන කාලයක් ප්‍රකාශයට පත් කිරිමත් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි ධවල මන්දිරයට කළ සංචාරයෙන් පසු එක්සත් ජනපදය සමඟ වෙළඳ සාකච්ඡා ආරම්භ කළ පළමු රට ඉන්දියාව විය. පසුගිය මාසයේ එක්සත් ජනපද උප ජනාධිපති වෑන්ස්ගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව මෙම වසරේ ද්විපාර්ශ්වික ගිවිසුමක් අවසන් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.

මේ අනුව, ඉන්දියාවේ වෙළඳ ගිවිසුම යටතේ පළමු අදියරේ දී එක්සත් ජනපද ආනයනවලින් සියයට 60 ක් සඳහා තීරු බදු බිංදුව දක්වා අඩු කිරීමට නව දිල්ලිය ඉදිරිපත් කර ඇති අතර මේවාට ගුවන් යානා, විදුලි වාහන, වෛද්‍ය උපකරණ සහ හයිඩ්‍රොකාබන් ඇතුළත් වේ.

මිට අමතරව තීරුබදු වලට අමතරව, කෘතිම බුද්ධිය, ජෛව තාක්‍ෂණය සහ අර්ධ සන්නායක වැනි තීරණාත්මක තාක්‍ෂණ අංශ වෙත ප්‍රවේශය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ ජපානය වැනි අනෙකුත් ඉහළම එක්සත් ජනපද සගයන් සමඟ සමානව සලකන ලෙස ඉන්දියාව එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබේ.

ජනාධිපත් ට්‍රම්ප් සිය මැද පෙරදිග සංචාරය තුලදී ඉන්දියාව විසින් තිරුබදු රහිත වෙළඳ ගිවිසුමක් ප්‍රක්ෂයට පත් කර ඇති බව සඳහන් කිරීමත් සමඟ ඉන්දියාවේ කොටස් මිණුම් සලකුණු සියයට 1.5 කින් පමණ ඉහළ ගිය අතර නිෆ්ටි 50% එනම් 1.6 කින් ඉහළ ගිය අතර BSE සෙන්සෙක්ස් 1.48% කින් ඉහළ යන ලදී මෙය පසුගිය මාස හතර තුළ ළඟා වූ ඉඅහලම මට්ටම විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...

ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

සමහරුන්ට ඕනෙ ආණ්ඩුව සහ නීතීඥ ප්‍රජාව අතර ගැටුමක් හදන්න. අපි ඒ ලණු කන්නෙ නෑ. අපි පරිණතයි – ඇමති බිමල්

නීතිපතිවරයාට හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ට චෝදනා කිරීමට උත්සාහ...