අත්අඩංගුවට ගත් අන්තරේ පිරිස ඇප මත මුදාහැරේ!

Date:

රෂිකා හෙන්නායක මැයි 17, කොළඹ LNW :

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 9 දෙනා ඇප මත මුදාහැර තිබෙන බව වාර්තා වේ. 

ඒ, මරදාන පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගත් එම පිරිස මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (16) රාත්‍රියේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශය අසල විරෝධතාවක නිරත විය.

ඒ, කොළඹ රෝහල් චතුරස්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටි ප්‍රදේශයට ඇතුළුවීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වළක්වමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමක් තුළයි. 

විරෝධතාව අතරතුරදී එම පිරිස සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද හටගත් අතර,  අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව යටතේ පොලීසිය විසින් ඒ අනුව එම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ “Board of Peace” සඳහා රුසියාවෙන් බිලියනයක ආයෝජනයක්!

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...