ගෝල්ෆේස් ප්‍රහාරකයින් අත්අඩංගුවට නොගන්නේ කාගේ අනුහසින්ද ?

Date:

ජනතාව විසින් ඉතාම සාමකාමීව මාසයකට අධික කාලයක් තිස්සේ ගෝල්ෆේස් පිටියෙහි පවත්වාගෙන ගිය විරෝධතාවට පසුගිය මැයි 09 වනදා ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ඒ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් වන අතර අතර ඊට නායකත්වය දෙමින් මෙහෙයවන ලද්දේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් පිරිසක් විසිනි.

මෙම ප්‍රහාරයෙන් පසු මේ වනවිට දින 08ක් ගතවී ඇතත් තවමත් ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණි. ඔහුත් මොරටුව නගරසභාවේ සුළු සේවකයෙකි.

ඊට ප්‍රතිපක්ෂව මෙම ප්‍රහාරයෙන් පසු කෝපයට පත්ව ප්‍රතිප්‍රහාර එල්ල කළ පුද්ගලයින් 400 කට ආසන්න පිරිසක් මේ වනවිටත් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රහාරය මෙහයවූවන්ට සහ ප්‍රහාරය එල්ල කළ මැරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සමාජයෙන් ද දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී. එම තත්වය තුළ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සොයාබැලීම සිය පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට පවරා ඇත.

අප වෙත වාර්තා වන අන්දමට රුවන් විජේවර්ධන මහතාත් දිනපතා මේ සම්බන්ධයෙන් විමසීම් කළත් එයින් ප්‍රතිඵලයක් ලැබී නොමැත.

මීට අදාළ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට නොදී වළක්වාගෙන සිටින බලවතෙකු මෙතැන සිටින අතර ප්‍රශ්නය වන්නේ ඔහු කවුරුන්ද යන්න ය. නව ආණ්ඩුවේ ආයුෂ කොතෙක්ද යන්න තීරණය වන්නේ මේ අත් අඩංගුවට ගැනීම් වළක්වන පුද්ගලයාව පාලනය කරගැනීම මත වීමටත් බොහෝදුරට ඉඩ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. මන්දයත් රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය විහිළු සහගත බව මෙම සිදුවීම හරහා රටේ සියලුම ජනතාව හමුවේ නිර්ලජ්ජිත ලෙස අනාවරණය වෙමින් පවතින බැවිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...