ඉඩක් සමඟම දැලක්

Date:

අධ්‍යාපන අමාත්‍යංශයෙන් මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයන්ට අනුව අවුරුදු 14 න් පහළ දරුවන්ට තරගකාරී මීටර් 800 ඉසව්ව ඇතුළත් කිරීම මේ වන විට දැඩි කතා බහට ලක් වෙමින් ඇත.මෙ සම්බන්ධයෙන් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානි ලාල් ඒකනායක අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අවසරය වගෙම පුහුණුකරුවන් කටයුතු කල යුතු ආකාරයේ වැඩ සටහනක්ද පැමිණිමට නියමිත බවය.
මේ දක්වා නොමැති ආකාරයට එම ඉඩ සකස් කරන අතරේම එය අධීක්ෂණය කිරීමේ දැලක් ද ඒ නඅව යෙදෙනු ඇති බව වෛද්‍යවරයාගේ අදහසය.

ඕවර් ට්‍රේනින්ග් නිසා වගෙම වයසට වඩා පුහුණුවේදී වෙහෙස කිරිම නිසාත් සිඳුවන ආබාධ බිද වැටීම් අපිට දැනටත් දකින්නට ලැබෙනවා.ඒ නිසා මේ ඉසව්ව ගෙන ඒමට පෙර සිටම ක්‍රීඩකයින් පුහුණු කරන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුව තිබුණා.ජනාධිපති කමිටුවක් හරහාම ඉදිරියේදී එය ක්‍රියාත්මක වෙයි.
වෛද්‍ය ලාල් ඒකනායක විශ්වාසයෙන් පැවසීය.
අවුරුදු 4 සිට 11 දක්වා ළමා මලල ක්‍රීඩාව තුළ තරගකාරී අත්දැකීම් දකින්නට නොමැති අතර ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය එසේ හඳුන්වා දුන්නත් බොහෝ රටවල් එම ඉසව් හා නොපැටලෙන ලෙස තරගකාරී යම් යම් ඉසව් ද ක්‍රියාත්මක කරන බව දැකිය හැකිය.නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දුෂ්කරතා සහ අගහිඟකම් නිසා ඇතිවන පෝෂණමය ගැටළු ද සමඟ ක්‍රීඩාවේ යෙදෙන දරුවන්ට මෙයින් අනවශ්‍යය පීඩනයක් ඇති විය හැකි නොවේදැයි අප වෛද්‍යවරයාගෙන් විමසුවෙමු.

ලෝකෙ දැන් සේෆ් ඇත්ලටික් කියන දේ හරි ප්‍රබලව සළකා බලනවා.අපි ඒ පැත්තෙන් ද ලෝකයට යන්න අවශ්‍යය වෙනවා.දෙයක් නොකර ඉන්නවට වඩා ඒක සීමා හඳුනාගෙන කිරීමයි වැදගත්.මේ වෙලාවෙ අපේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙක් විදෙස් පුහුණුවකට යනවා.අපි ඔහුට අනිවාර්ය කරා ෂේෆ් ඇත්ලටික් ගැන පුළුල් විදිහට හදාරන්න.
වෛද්‍ය ලාල් ඒකනායක පෙන්වා දෙන්නේ, මේ සමඟ ඉදිරියේදි එන චක්‍රලේඛයක් මඟින් මේ පුහුණුවීම් අධික්ෂණයට කටයුතු කරන බවත්,දරුවන්ට හානිකර විදිහෙ වෙහෙසකිරීම් සහ බලපෑම් සම්බන්ධයෙන් එවැනි දේ සඳහා වගකිව යුතු පුහුණුකරුවන්ට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

කෙසේ වුව අපි විමසිල්ලෙන් වෛද්‍යවරයා පවසන සීමාවන් හී ක්‍රියාවන් සිඳුවෙනවාද යන්නත්,ඒ සීමාවන් සම්බන්ධ ප්‍රමිතිය කවරේද යන්නත් අවධානයෙන් සිටින අතරේම අප නැවතත් යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ කිඩ්ස් ඇත්ලටික් විෂය ජාත්‍යන්තරව පුහුණු වූ පිරිස් යොදවා ගෙන මෙන්ම මලල ක්‍රීඩා සමාජයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් විම ඇතුව මෙම ඉසව් සක්‍රීය කිරීමට පෙර සීමාවන් නිර්ණය කර හඳුන්වා දීම ද කරන ලෙස ය.අප දන්නා පරිදි මේ වන විටත් කිසිඳු ප්‍රමිතියකින් තොරව පුහුණුවීම් අරඹා ඇති අතර පෞද්ගලික මට්ටමෙන් පවත්වා ගෙන යනු ලබන ඇතැම් මලල ක්‍රීඩා පුහණු මධ්‍යස්ථාන ද ව්‍යාපාරික වශයෙන් සිය ස්ථාවරය සහතික කර ගැනීමට මෙවැනි ඉසව් පුහුණුවේ දි ප්‍රමිතය ඉක්මවා ජයග්‍රහණ වෙනුවෙන් දරුවන්ට බලපෑම් වන ආකාරයේ පුහුණුවීම්වලට යොමු වීමට ඇති ඉඩද සැළකිල්ලට ගත යුතුව ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...