*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ධම්මිකගෙන් තවත් දැවැන්ත වැඩක් – මිලියන 3000 ක අධ්‍යාපන සහතික පත් ප්‍රදානයක් කුරුණෑගලදී !

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, කුරුණෑගල වැහැර ක්‍රීඩාංගනයේදී හෙට පෙරවරු 08.30 සිට ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානෝත්සවය ආරම්භ වීමට නියමිත ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛා 10ක සිසු සිසුවියන් 5000 කට හෙට දිනයේදී සහතික පත් පිරිනැමෙනු ඇත. ඔවුන් මෙම පාඨමාලාවේ සම්පූර්ණ කර ඇති අදියරයන් අනුව එහිදී පිරිනැමීමට නියමිත සහතිකපත්වල වටිනාකම රුපියල් මිලියන 3,000 කි.

මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු 10,000 ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිත අතර මෙය කුරුණෑගල ඉතිහාසයේ මෙතෙක් පැවති දැවැන්තම සහතික පත් ප්‍රදානෝත්සවය වනු ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan