ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි,මැයි 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ බාමියන් පළාතේ සිදුවූ වෙඩි තැබීමක් හේතුවේ ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු සහ ඇෆ්ගන් සිවිල් වැසියෙකු ඝාතනය කිරීමේ පුවතෙන් ඔහු කම්පනයට පත් වූ බව ස්පාඤ්ඤ අගමැති, Pedro Sánchez, සිය ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබේ.

වෙඩි තැබීම සිදු කළ බවට සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

කෙසේ නමුත්, තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් මතීන් කානි කියා සිටියේ ප්‍රහාරයෙන් තවත් විදේශිකයන් හතර දෙනෙකු සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් තිදෙනෙකු තුවාල ලැබූ බවත්, විදේශිකයන්ගේ ජාතිකත්වය නොදක්වන බවත්ය.

කඳුකර බාමියන් යුනෙස්කෝ ලෝක උරුම අඩවියකට නිවහනක් වන අතර 2001 දී ඔවුන්ගේ පෙර පාලන සමයේදී තලේබාන්වරුන් විසින් පුපුරුවා හරින ලද යෝධ බුද්ධ ප්‍රතිමා දෙකක නටබුන් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...