*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සමස්ත ලංකා රොබෝ තාක්ෂණ සහ නව නිපැයුම් තරගයෙන් පළමු තැන දිනූ පදවිය පරාක්‍රම විද්‍යාලයේ සිසුවියකගේ දස්කම් ඇගයේ

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 189 වැනි පියවර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර පදවිය පරාක්‍රම මහා විද්‍යාලයට පසුගිය මැයි මස 16 වැනි දින ගිය අවස්ථාවේ දී එම පාසලේ සිටි දක්ෂ දැරියකගේ දස්කම් දැක ගැනීමට හැකි විය.

මෙම පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජී. ජී. සයුමි අනුරේෂා දියණිය විසින් සමස්ත ලංකා රොබෝ තාක්ෂණ සහ නව නිපැයුම් තරගයෙන් 6-11 වයස් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකි වී ඇති අතර ඇය විසින් එම තරගයට ඉදිරිපත් කරන ලද රිමෝට් මල්ටිමෙෂර්මන්ට් ඩිවයිස් නම් නව නිපැයුම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මෙම උපකරණය හරහා පහසුවෙන් ළගා විය නොහැකි ඕනෑම ස්ථානයක දුර, උස මැනීමේ හැකියාව පවතී.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇයගේ මේ කුසලතාව සහ දක්ෂතාව අගයනු වස් රුපියල් 25,000ක මුදලක් ද පරිත්‍යාග කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan