*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බාල බෙහෙත් ගැන CID ට තවත් පැමිණිල්ලක්!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව පදනම් කර ගනිමින් වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2022 – 2023 වසරවල ඖෂධ අවශ්‍යතාවය, ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ජාතික විගණන කාර්යාලය පසුගියදා නිකුත් කර තිබුණු අතර එම වාර්තාව මගින් ප්‍රශ්නගත ඖෂධ ආනයන සිද්ධියට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවක ප්‍රධාන විධායක නිලධාරියා හා එය අනුමත කළ පාලක මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කර ඇත.

ඒ අනුව අදාළ නිර්දේශ ඇතුළත් ලේඛන ඉදිරිපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

එමෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද ඔවුන් විමසා තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan