සටහන – රෂිකා හෙන්නායක
මැයි 18, කොළඹ (LNW): දිවයින පුරා මැතිවරණ මෙහෙයුම් කාර්යාල 1000ක් ඉදිරි සති දෙක තුළදී ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තියවේදීන්ගේ සංගමයේ විධායක සභා රැස්විමට එක්වෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්දන මහතා ඇතුලු ක්‍රියාකාරීන් රැසක් මෙම රැස්වීමට එක්ව සිටි බව පැවසේ.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/05/LNW-Newsroom-ad-at-the-bottom-Sin-4-1024x137.png)