ගෝලීය අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): ගෝලීය සාම තානාපති, අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් අද ( 18) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සවස 2.00 ට පමණ මෙරටට පැමිණි අතර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ගෝලීය සාම තානාපති ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් පිළිගත්තේය. අනතුරුව අරලියගහමන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවනු ලැබීය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතාද ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමග එක්වූ බව සඳහන් වේ.

මෙය ගුරුදේව් මෙරටට පැමිණි හයවැනි අවස්ථාවයි.


මෙම සංචාරය අතරතුර, අධ්‍යාත්මික නායක ගුරුදේව් මැයි 18 සිට 20 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, ඔහු මැයි 19 වන දින ටාජ් සමුද්‍රා හි ‘එකමුතුව : සංගීතය, භාවනාව සහ ප්‍රඥාවේ සන්ධ්‍යාව’ නම් උත්සවයට සහභාගී වනු ඇත.

මෙම උත්සවයේදී රට පුරා ජීවත්වන කලාවේ නිපුණතා සංවර්ධන මධ්‍යස්ථාන 12ක් විවෘත කෙරේ. මෙම මධ්‍යස්ථානවල අරමුණ වන්නේ තරුණ තරුණියන් 5000 කට අධික සංඛ්‍යාවක් රැකියා සඳහා සූදානම් කිරීමට කුසලතා ඇතිව සවිබල ගැන්වීමයි. එම උත්සවයේදීම ගුරුදේව් විසින් වත්තල ජීවත්වන කලා මධ්‍යස්ථානයද විවෘත කරනු ඇත.


නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ පැවැත්වෙන ‘කුම්බාභිෂේකම්’ උත්සවයට ගුරුදේව ප්‍රධාන වශයෙන් පැමිණ ප්‍රජාවට ආශිර්වාද කරනු ඇති අතරම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ආරාධනයකට අනුව ඔහු ත්‍රිකුණාමලයට යන අතර එහිදී ගුරුදේව ගෞරවය පිණිස ප්‍රජා වැඩසටහන් සංවිධානය කර ඇත.


ගුරුදේව් මීට පෙර අවස්ථා පහකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රට මුහුණ දෙන ස්වභාවික විපත් සහ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ඇති වූ අර්බුද විසඳීමේ ප්‍රධාන මැදිහත්වීම්වල කොටසක් ලෙස, බලපෑමට ලක් වූ පවුල්වලට සහනයක් ලබා දීමේ අරමුණින් බවත්,ස්වේච්ඡා සේවකයන් දහස් ගණනකගේ ඉදිරිපත් වීමෙන් ද්‍රව්‍යමය ආධාර ලබා දීමට බවද සඳහන් වේ.


ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් විසින් ආරම්භ කරන ලද ලොව විශාලතම ස්වේච්ඡාවෙන් මෙහෙයවන ලාභ නොලබන සංවිධානයක් වන ආර්ට් ඔෆ් ලිවිං, ආතතියෙන් තොර, ප්‍රචණ්ඩත්වයෙන් තොර, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා , ගුරුදේව්ගේ මගපෙන්වීම යටතේ, විනාශකාරී සුනාමියෙන් පසු සහ සිවිල් ගැටුම් සමයේදී කම්පන සහන වැඩසටහන් ඇතුළු සේවා ව්‍යාපෘති කිහිපයක් රට තුළ අතීතයේදී ආරම්භ කර ඇත.

සිවිල් යුද්ධයෙන් සහ ස්වභාවික ව්‍යසනයෙන් අසරණ වූ දරුවන් වෙනුවෙන් ජීවත්වීම සහ ඉගෙනුම් මධ්‍යස්ථාන දෙකක් මඩකලපුවේ සහ වැල්ලවායේ ද පිහිටුවා ඇති අතර, එහි දරුවන්ට පරිපූර්ණ සහ වටිනාකම් පදනම් කරගත් අධ්‍යාපනය, ආහාර, නවාතැන් සහ පෝෂණීය පරිසරයක්ද සලසා ඇති බව සඳහන් වේ.

ලෝක බැංකුව සමඟ එක්ව මඩකලපුවේ අක්කර එකහමාරක භූමි භාගයක ස්වභාවික ගොවිතැන් ක්‍රමවේද පදනම් කරගත් ආදර්ශ දෙළුම් ගොවිපළක් ද ආර්ට් ඔෆ් ලිවිං විසින් ආරම්භ කර ඇති බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...