හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වී තිබෙනවා. අගමැති ධුරයෙන් සමුගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පළමුවැනි වරටයි.
හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ සිව්වැනි ආසනයේ අසුන් ගත්තේය.
ඊයේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වූ අතර නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමද ඊයේ සිදු කෙරිණි. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතාද ඊයේ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි නොවූහ.
UN