*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

කොච්චර ණය තිබුණත් ගෙවන්න ඩොලර් මිලියනයක්වත් නෑ – රට බංකොලොත්වීම ආසන්නයේ (Video)

ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10 ක් වුවත්, ණය ගෙවීම සඳහා ඩොලර් මිලියනයක් හෝ සොයා ගැනීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ මෙරට ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව ණය පියවිය නොහැකි රටක් ලෙස නම් කිරීමේ අවදානමක් මතුව ඇති බවයි. මෙම තත්වයෙන් මිදීම සඳහා ආණ්ඩුවට තිබෙන වැඩපිළිවෙල කුමක්දැයි ඔහු අගමැතිවරයාගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලබාගත් ණය සම්බන්ධයෙන් තිබෙන තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි. ඇතැම් තොරතුරු නිවැරදි නොවන බවද අගමැතිවරයා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ නිළධාරීන් ඇතුළු වගකිව යුතු අංශ කැඳවා තොරතුරු ලබා ගන්නා බවත්, ඒ අනුව ඉදිරි සතිය තුළදී සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan