හරීන්-මනුෂ දෙදෙනාගේ ලිපියට අගමැති රනිල්ගෙන් කඩිනම් ප්‍රතිචාර

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා විසින් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබිණි. මන්ත්‍රීවරුන් දෙදෙනා සිය ලිපියෙන් අවධාරණය කර තිබුණේ කරුණු කිහිපයක් සඳහා එකඟ වන්නේ නම් ආණ්ඩුවට සහාය දීමට සූදානම් බවයි.

අදාල ලිපියට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. වික්‍රමසිංහ මහතා සිය ලිපිය හරහා අවධාරණය කරන්නේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට සූදානම් බවයි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීමටත් පාර්ලිමේන්තුවට වග කියන විධායකයක් නිර්මාණය කිරීමට සූදානම් බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ ඊට අදාලව මේ වනවිටත් විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවයි.

ගෝඨාගෝ ගම විරේධතාවයට පහරදීම සම්බන්ධයෙන් පොලීසිය සිදු කරන වීමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවත් දෙසතියකට වරක් විමර්ශනවල ප්‍රගතිය පාර්ලිමේන්තුවට දැනුම්දීමට සූදානම් බවත් අගමැතිවරයා ප්‍රකාශ කරනවා.

හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා එකඟ විය හැකි බවත්, කෙසේ නමුත් ඊට පෙර ඉදිරි මාස කිහිපය තුළ රට ස්ථාවර කිරීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළයුතු බවත් පවසන අගමැතිවරයා පෙන්වා දෙන්නේ නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂය සහාය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතු කම්කරුවන්ට සුබ කාලයක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : වර්තමානයේ පවතින කම්කරු...

වයස් කාණ්ඩ හතරක බාලක බාලිකාවෝ ස්කොෂ් සඳහා කොරියාවට

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: දකුණු කොරියාවේ ගිම්චියොන් ස්කොෂ්...

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...