විපක්ෂයේ විවිධ දේශපාලනඥයින් ආණ්ඩුවට එකතු කරගැනීමට සූදානමක් පවතින බවට පැතිරයන කතා අසත්‍ය බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
“වැඩ කරන්න ගියාට පස්සෙ, ඒ වැඩ ඇතුළෙ සමහර අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒවා ගැන අපිට බයවෙන්න කිසි දෙයක් නෑ. මොකද අපි යන්නේ වැඩේ හොඳට කරන්න.
මේකෙ දැන් අරයා ගන්න යනවා, මෙයා ගන්න යනවා කියලා වෙන සංවාදයක් හදලා තියෙනවා. මං කියන්නෙ අපිට පිස්සුද ? මං කියන්නෙ කොහෙවත් නැති පොරවල් ගන්න ? පක්ෂවලින් පනින මිනිස්සු ගන්න ව්‍යාපාරයක් නෙවෙයි අපි”
එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (16) මීරිගමදී පැවති සමාජවාදී තරුණ සංගමයේ උත්සවයක් අමතමිනි.


