රණවිරු සැමරුමට පැය 24ක් තියෙද්දී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරත් ඉවත් කළා. ඔන්න ආණ්ඩුව රණවිරුවන්ට සලකන හැටි!

කොළඹ LNW: කිසිවෙකුට හෝ පරාජය කළ නොහැකි බව පැවසූ ත්‍රස්තවාදයක් පරාජය කර එම සැමරුමට පැය 24ක් තිබියදී එකී යුද ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරද ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

කෙසේවෙතත් රණවිරු සැමරුම් මාසය එන විට විවිධාකාරයෙන් මර්දනය පැමිණෙන බව දන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

බලහත්කාරයෙන් ලබාගන්නා ලද සාක්ෂියක් වෙනුවෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන හිටපු ජනාධිපති මහින රාජපක්ෂ මහතාවද අල්ලස් කොමිසමට කැඳවූ නමුත් ජනාධිපතිවරයා විසින් මුලින්ම පරීක්ෂණයක් කළ යුත්තේ බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගත් නිලධාරියා සම්බන්ධයෙන් බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

එහෙත් ජනාධිපතිවරයාගේ සැමදෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දැකගැනීමට හැකි වූ බවද මන්ත්‍රීවරයා පැහැදිලි කරයි.

මේ අතර තමන්ගේ පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයට ආණ්ඩුව එක්ක කතා කර ප්‍රශ්නයක් විසඳා ගැනීමට නොහැකි නම් ඒ ගැන ආණ්ඩුව මෙන්ම හිස්ය සංවිධානයද ලැජ්ජා විය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

තමන්ගේ ඇමතිවරයා හමුවී විශ්ව විද්‍යාලයේ පවතින ප්‍රශනයක් ගැන කතාකිරීමට නොහැකි තරමට කොන්දක් නැත්නම් හෝ ආණ්ඩුවට ප්‍රශ්න ඇසීමට බැරිනම් මෙන්ම ප්‍රශ්න වලට විසඳුම් දිය නොඅහ්කි නම් ඒ ගැන ලැජ්ජා විය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ආණ්ඩුව වැඩ බැරිවෙන විට මර්දනයට යාමට සූදානම් වන බව මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (17) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...

බන්ධනාගාරවල අධික තදබදය අවම කිරීම ගැන අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය...

ගම්පහ මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න...