හර්ෂ මුලින් ගියදෙන් … ඊටපස්සෙ මාව නැතිවම බැරිවෙනවා …?

ආණ්ඩුව මේ දවස්වල විපක්ෂයේ එක එක කට්ටිය බාගන්න මුට්ටිය දාන කතා එහෙන් මෙහෙන් ඇහෙනවානෙ …

ඔය අතරේ හිටපු මුදල් ඇමති කෙනෙක්ව හම්බවෙන්න ආවා ලු එයාගෙ යාළුවෙක්. මෙයා නිතරම මුණගැහෙන්න එන යාළුවෙක්.

ඉතින් ඇවිත් එක එක දේවල් කතා කරකර ඉන්න අතරේ යාළුවා එක පාරටම අර හිටපු මුදල් ඇමතිගෙන් ඇහුවා ලු,

“අර හර්ෂ මුදල් ඇමතිකමට ගන්න කතාවක් නෙ තියෙන්නෙ. ඉතින් නරකද ඔයාම ගිහින් ඕක ගත්තා නම් ?” කියලා.

හිටපු මුදල් ඇමති මරු උත්තරයක් දුන්නා ලු,

“හර්ෂ මුලින් ගියදෙන් … එයා ගිහින් ඕක බිත්තියටම හේත්තු කරගන්නවානෙ. ඊටපස්සෙ මාව නැතිවම බැරිවෙනවා…” කියලා.

මාලිමා ආණ්ඩුව මුල් කාලෙ හිටපු විදිය අනුව කීයටවත් විශ්වාස කරන්න බැරි දේවල් දැන් දැන් සිද්ධ වෙමින් යන්නේ … මාලිමා සපෝටර්ස්ලා ඒකාලෙ කිව්වා වගේ “වැඩේ යටින් යනවා… ” කියලා තමයි අපිටත් දැන් කියන්න වෙන්නෙ …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...