වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 19,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය බදාදා (15)දින වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

අගමැතිවරයාගේ තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය Zuzana Dolinkova ප්‍රකාශ කර තිබුණේ, වෙඩි වැඩිම හේතුවෙන් පැය දෙකක සැත්කමක් කළ බවත්, ඉදිරි දිනවලදී අගමැතිවරයා බරපතල තත්ත්වයේ පසුවන බැවින් ඉදිරි දිනවලදී Banska Bystrica හි රෝහලෙන් අගනුවර වන Bratislava වෙත මාරු කරනු ඇතැයි සිතිය නොහැකි බවත්ය.

59 හැවිරිදි ෆිකෝට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ බදාදා ඔහු රජයේ රැස්වීමකින් පිටත්ව ගොස් මධ්‍යම නගරයක් වන හැන්ඩ්ලෝවා හි ජනතාවට ආචාර කරමින් සිටියදීය.

සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු ප්‍රසිද්ධියේ හඳුනා නොගන්නා ලෙස හෝ සිද්ධිය පිළිබඳ වෙනත් තොරතුරු හෙළි නොකරන ලෙසට පැමිණිලිකරුවන් ඉල්ලා තිබේ. කෙසේ නමුත්, ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...

පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!(PHOTOS)

කොළඹ (LNW): පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...