අන්තරේට එරෙහිව තහනම් නියෝග නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සහ පොල්දූඹ මංසන්ධියේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානයේ පැවැත්වීමට නියමිත උද්ගෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය විසින් සිදු කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වැලිකඩ පොලීසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවේ මෙම ඉල්ලීම සිදුකර තිබිණි. පාර්ලිමේන්තුව අසල උද්ගෝෂණ පැවැත්වීම හේතුවෙන් මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට බාධා සිදුවන බවත්, එය මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද කඩවීමක් බවත් පෙන්වා දුන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව අසල උද්ගෝෂණ පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලීසිය ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර අදාල ස්ථානයේ යම් සාමය කඩවීමේ සිදුවීමක් සිදු වුවහොත් පොලිස් බලතල අනුව කටයුතු කිරීමේ හැකියාව පවතින බවද ප්‍රකාශ කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...