*
Friday, April 19, 2024
spot_img

Latest Posts

රගර් රිවර්ස් කරන්න ඉල්ලයි

වර්ථමාන රග්ර් පරිපාලනය මෙන්ම හිටපු රගර් පරිපාලනවලද මුල් පුටු බොහෝ විට වෙන් වුණේ බස්නාහිර පළාත් රගර් සංගමයෙන් ආ පිරිසටය.නමුත් මේ පිරිස මේ මොහොතේ තමන් උපන් ගර්භාෂය ඉවත් කරන්නයැයි ඉල්ලන්නට සූදානම් වන බවක් ක්‍රීඩා අමාත්‍යංශ මට්ටමෙන් දැන ගන්නට ලැබිණ.ක්‍රීඩා සමාජ හතක් තමන්ට බස්නාහිර පළාත් සංගමයට බැහැරින් තමන්ට ඡණ්දය ලබා දෙන ලෙස අමාත්‍යංශයට කතා කිරිමෙන් මේ තත්ත්වය උද්ගතව ඇත.

එය සිටින අය හෝ සිටිය අය පෞද්ගලිකව මේ මොහොතේ තමන්ගේ යහපැවත්ම වෙනුවෙන් ගනු ලබන තීරණයක් ලෙස දකින්නට තිබෙන අතර මේ තත්ත්වය 1990 ට පෙර ද තිබුණ තත්ත්වයකි.එහිදී එම තත්ත්වය වෙනස් කරන්නට හේතු වූ කාරණාව වූයේ රගර් ව්‍යාප්ත වීමට ඇති ඉඩ ක්‍රීඩා සමාජ කිහිපයක සීමාවේ රැඳී තිබෙන තත්ත්වයය.ඒ නිසාම අද වන විට රගර් පිරිමි අංශයෙන් කාන්තා අංශයටද පිවිස සිටින අතර එය කුඩා පාසල් කරා ද ව්‍යාප්ත වී ඇති අතර නම ගිය පාසල්වල ක්‍රීඩකයින් හා කරට කර තරඟ කර හැකි රගර් දැවන්තයන් කුඩා පාසල්වලින් බිහි වන්නට පටන් ගෙන ඇත.එසේම මේ දක්ෂයන්ට ඉහළ පාසල්වල මෙන්ම ඉහළ ක්‍රීඩා සමාජ දොරවල්ද විවෘත වෙන්නේ ක්‍රීඩා සමාජ මට්ටමෙන් තිබූ රගර් පළාත් සංගමයක අධික්ෂණයට ලක් වෙන්ට පටන් ගැනීමද හේතු කරගෙනය.

මේ නිසා යම් ආකාරයකට රගර් අයත් කරගෙන සිටිය පංතියට යම් බලපෑමක් සහ රිදීමක් ඇති වෙන්නට ඇත.නමුත් මේ සමාජ වාතාවරණය යටතේ වැඩි ඉඩක් දක්ෂයාට පෙරට පැමිණිය හැකි සේ සැකසිය යුතු අතර ඉහළ පංතිය යනු විවෘත තත්ත්වකට පැමිණිය යුතුව ඇත.රගර් ක්‍රීඩාවේ ඒ තත්ත්වය දැන් සිඳුවෙමින් පවතින අතර ඇතැම් විට කොළඹ නොව වෙනත් දුර පළාත් ද රගර් ක්‍රීඩාවේ තරු බිහි කරන තත්ත්වයට පත්ව ඇත.මේ තත්ත්වය ලෝක රගර් සම්මේලනය ද අපේක්ෂා කරන අතර ක්‍රීඩාව තව දුරටත් පුළුල් ලෙස ව්‍යාප්ත කරන්නට අවශ්‍යය පහසුකම් ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ලබා දෙමින් ඇත.එවැනි ව්‍යාපෘතියක් යටතේ තව දුරටත් ඒකක ලෙස පවතින්නට රගර් උත්සාහ කරනු වෙනුවට සමූහ ලෙස තමන්ගේ වපසරිය පුළුල් කර ගැනීමට කල්පනා කළ යුතුය.

“අපිට ලෝකෙ වැඩක් නැහැ” වගේ ලංකාවේ මෑථ කාලීනව ප්‍රදර්ශනය කර උද්ධච්ඡ දේශපාලන සටන් පාඨයේ ප්‍රතිපල අද බඩටත් හිතටත් දැනෙමින් තිබෙන මොහොතක පටු වන්න හදන මිනිසුන්ගේ ඉරණම ඔවුන්ට පමණක් නොව ක්‍රීඩාවටද අදාළව දැනෙන බව මතක් කිරීම වටියි.සංගමයක් ලෙස එකට බැදී බස්නාහිර පළාතට සේවය ලබා දෙන්නේ කෙසේද සහ අලුත් රගර් ප්‍රවේශයන් නිර්මාණය කර ගන්නේ කෙසේද යන්න සිතිම වෙනුවට තමන් ඉන්න තනතුරුවලටද,සිටිය තනතුරුවලටද පාර කියූ ඒ පුළුල් මාවතට ගල් පෙරලා වසා දමන්නට උත්සාහ කිරීම සිටින සහ සිටිය රගර් පරිපාලකයන්ගෙන් නොවිය යුතුය.අද මේ මොහොත වන විටත් රගර් පරිපාලනයේ පුටුවල බස්නාහිර නියෝජනයද සහිතව අසුන් ගෙන සිටින පිරිස් මෙන්ම ඊට පෙර සිටි පිරිස් ද ස්විය ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවට තමන්ගේ ක්‍රීඩා සමාජවල කුල පරාක්‍රමය වෙනුවෙන් රගර් පුංචි කරමින් යළිත් 1990න් එපිටට තල්ලු කරන්නට හැදීම අමනෝඥ සහ මුග්ධ තීරණයකි.

ක්‍රීඩා අමාත්‍යංශය ළඟ දනින් වැටුණද යළි මේ ඉල්ලීම බස්නාහිර පළාත් සංගමයට ස්වාධීන වීමේ අපේක්ෂාවෙන්ද,ජාතික සංගමයට ඒ ස්වාධීන වූ තීරණය අනුමැතිය සඳහා ද ඉදිරිපත් විය යුතුය.ඒ සඳහා මේ මොහොතේ ඔළු ගණන ලබා දෙන ජයග්‍රහණයින් උද්දාමයට පත් වෙන්නට බා සිටිනවා විය හැතිය.නමුත් ඔළු ගණන නොවේ හරි තීරණය යන්න මේ මොහොතේ රට ඉදිරියේද මතු වෙමින් ඇත.ඒ නිසා ජනප්‍රියත්වය සහ බහුතරය දිනෙක තමන්ට පමණක් නොව තමන්ගෙන් පැවතෙන්නන්ටදඅපකීර්තිය ඉතුරු කරන බව මතක් කර ගැනිම වටින්නේය.

වනාතමුල්ල සීවලි වැනි විද්‍යාලයක් දක්වා ජාතික නියෝජනයක් රගර් ක්‍රිඩාවෙන් පැමිණෙන්නේ මේ ව්‍යහුයමය වෙනස්කම විසින් ළගා කර තත්ත්වයන් පදනම් කරගෙනය.ඒ අවස්ථාව ලැබෙන්නේ කාගෙන්ද යන්නට වඩා ඊට මාර්ගය පුළුල් වෙන්නේ කුමන ක්‍රමයකින්ද යන්න සිතා බැලීම වටින්නේය.සීවලිය මෙන්ම බොහෝ දුෂ්කර දරුවන් දහසක් නැති පාසල්ද මේ වන විට රගර් අත්පොත් තබමින් පෙරට පැමිණෙමින් ඇත.මෙ උද්යෝගය ගෙනෙන පුළුල් මාර්ගවල සමහර හාමු චින්තකයන් දහඩිය ගඳ සහ වැරහැලි ඇඳුම් තමන්ගේ ආලින්දයට නුසුදුසු බව සිතෙන්නට පුළුවන්ය.ඒත් ආලින්දය ඔබේ වුව ක්‍රීඩාව රටේය.එය රටටම අයිති විය හැකි සමීප විය හැකි තැනකට පැමිණිය යුතුය.ඒ නිසා රගර් පස්සට ඇද පුංචි කරන්නට හදන වෑයම වෙනුවට එය වඩාත් පුළුල් කර හැකි මාර්ග ගැන සිතා බලන්න.අනාගත අපරාධයකට දායක නොවන්න යන්න සිටින සහ සිටිය බස්නාහිර පළාත් සංගමය හරහා ජාතික තලයට පිවිසි හැම රගර් නිලධාරියෙක්ගෙන්ම ඉල්ලන්නට ඇති ඉල්ලිමය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan