ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්.

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙන ප්‍රමිතීන්ට අනුකූලව සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව මහජන සෞඛ්‍ය ගැටළුවක් වූ මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය වීම  මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන මට්ටමට අවම කරමින් එම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කරගත්තා වු ප්‍රගතිය අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද (19) ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් ප්‍රදානය කරනු ලැබීය.

ස්විස්ටර්ලන්තයේ ජිනීවා හී මේ දින වල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ දී මෙම ඇගයීම් සහතික පත්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ප්‍රදානය කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...