ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා කඳුකර ප්‍රදේශයේ හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය බවට සැක පලකෙරෙන බව රොයිටර් වාර්තා කර තිබේ.

සෝදිසි කණ්ඩායම් විසින් අද(20)සුන්බුන් සොයා ගෙන ඇති අතර හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බව හඳුනාගෙන තිබේ. ඉරානයේ රතු ක්‍රෙසන්ට් ප්‍රධානී Pirhossein Kolivand රාජ්‍ය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, අනතුරට පත් ස්ථානයේ සුන්බුන් දැකිය හැකි බවත්, එහි ගමන්ගත් මගින් අතර ජීවය පිළිබඳ කිසිදු සලකුණක් අනාවරණය වී නොමැති බවයි.

සඳුදා අලුයම නැගෙනහිර අසර්බයිජාන් පළාතේ සුන්බුන් වෙත ළඟා වීමට ගලවා ගැනීමේ කණ්ඩායම් රාත්‍රිය පුරා හිම කුණාටු සහ දුෂ්කර භූමි ප්‍රදේශ සමඟ සටන් කිරීමට සිදුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...