ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගිය බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ තවත් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බව නිල වශයෙන් තහවුරු වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් 73ක් යොදවා තිබු අතර චීනය, රුසියාව ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල් හා ලොවපුරා ඉරාන හිතවාදී රටවල රාජ්‍ය නායකයින් ඉරාන ජනාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් තම දැඩි කණස්සල්ල පළ කර තිබෙනවා.

මතදාරි පාලකයෙකු ලෙසයි සැලකෙන ඉබ්‍රහිම් රයිසී මියයන විට අවුරුදු 63 වියේ පසුවූ අතර ඔහු නීති උපාධිධාරියෙකු අතර එරට අගවිනිසුරුවරයා හා නීතිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගෙන් අනතුරුව එරට අධ්‍යාත්මික නායක තනතුරට රයිසි පත්වනු ඇති බවට ඉරාන ජනතාව තුළ විශ්වාසයක් පැවති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

සබැඳි පුවත් : ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්
ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...