පළාත් පාලන ආයතන බලය පිහිටුවීම : කොළඹ ස්වාධීන කණ්ඩායම් සහ ජනපති අනුර අතර සාකච්ඡාවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ස්වාධීන කණ්ඩායම්වලත් කුඩා පක්ෂවලත් සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ඊයේ (මැයි 19) පැවැත්වී තිබේ.

ඒ, බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී ය.

සභිකයින් 8 දෙනෙකු පමණ ඊට සහභාගී වී ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව සුබවාදී බවයි එම නියෝජිතයින් පැලවත්ත මූලස්ථානයෙන් පිටව යද්දී මාධ්‍ය වෙත සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගරසභාවේ ආසන 48ක් දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ලැබී ඇති ආසන එකතුව 69ක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ජනතාවට බොරු කරන්න එපා. පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ඇති කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන...