සුරාබදු නිලධාරීන්ට බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමයෙන් චෝදනාවක්!

රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :

අල්ලස් ලබා නොදෙන බලපත්‍රධාරීන්ට හිරිහැර කිරීම සහ අසත්‍ය චෝදනා නැගීමට සුරාබදු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත්, අල්ලස් ලබා නොදෙන බලපත්‍රධාරීන්ට හිරිහැර කිරීම සහ අසත්‍ය චෝදනා නැගීමට ද සුරාබදු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත්, බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමය කියා සිටී.

මේ පිළිබඳ බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා,

“අප සංගමයෙන් ලියුමක් යොමු කළා සුරාබදු කොමසාරිස් ජනරාල්ට. ඊට අමතරව ඒක ජනාධිපතිතුමාට, අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට සහ CIDයට පිටපත් යැව්වා. මේ සුරාබදු නිලධාරීන් අල්ලස් නොදෙන බලපත්‍රලාභීන්ට හිරිහැර කරනවා. මහා පරිමාණ වැරදි කරන බලපත්‍රලාභීන් ගොඩක් ඉන්නවා. ඒ අය ගැන කිසිම කටයුත්තක් කරන්නේ නෑ. සුළු වැරදි  කරන අයට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කරනවා අල්ලස් නොදෙන නිසා. බලපත්‍ර පවත්වාගෙන යෑමේ දී මේ අය බලාපොරොත්තු වෙනවා මාසිකව ගානක්. ඒ අයට ඇවිත් ඕනෑම දෙයක් ලියන්න පූළුවන් කියලා තර්ජනය කරලා, එහෙම මුදල් ඉල්ලන්නේ. එහෙම නොදෙන අයට තමා මේ හිරිහැර කරන්නේ.”

බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඉකුත් රජය සමයේ ලබාදුන් මත්පැන් බලපත්‍ර ද ඇතැම් සුරාබදු නිලධාරීන්ගේ හිතවතුන්ට සහ ඥාතීන්ට ලබා දී ඇති බව‍යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...