කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලාවක් හදිසියේම වැසේ. 1400 කට රැකියා අහිමිවෙයි !

Date:

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි NEXT ඇඟළුම් කර්මාන්ත ශාලාව හදිසියේම වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් 1400 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති බව සඳහන්.

මෙම ආයතනය මැයි 19 වනදා රාත්‍රියේ සිය සේවක සේවිකාවන්ට වට්ස් ඇප් ඔස්සේ පණිවිඩයක් යවමින් දැනුම් දී ඇත්තේ කර්මාන්ත ශාලාව වසා දමන බවයි.

“ඉතා ම සැලකිලිමත්ව සලකා බැලීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ කටුනායක පිහිටි NEXT නිෂ්පාදන කර්මාන්ත ශාලාව වහාම වසා දමන බවට කනගාටුවෙන් නිවේදනය කරන්නෙමු. මෙය අප සමාගමට ඉතා දුෂ්කර තීරණයක් වූ අතර සියලු විකල්ප අනුගමනය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹුණෙමු” යැයි එම පණිවිඩයෙන් නිවේදනය කර තිබේ.

NEXT ඇඟළුම් කර්මාන්ත ශාලාව වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ආයතනයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ජනතාවට බොරු කරන්න එපා. පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ඇති කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන...